ගාසාහි ළමා අරමුදල පිහිටුවීමට කැබිනට් අනුමැතිය
ගාසා තීරයේ ගැටමුවලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ”ගාසාහි ළමා අරමුදල” පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.
මෙමඟින් සියලුම අමාත්‍යාංශ සහ රජයේ ආයතන එක්ව මෙවර ඉෆ්තාර් සැමරුම් පැවැත්වීම සඳහා වෙන් කර තිබූ ප්‍රතිපාදන මෙම අරමුදලට ලබා දෙන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකා රජයේ ඩොලර් මිලියන 01 ක පරිත්‍යාගය විපතට පත් ළමුන් සහ පුරවැසියන්ගේ දායකත්වය දිරිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන හරහා බෙදා හරිනු ලැබේ.
The post ගාසාහි ළමා අරමුදල පිහිටුවීමට කැබිනට් අනුමැතිය appeared first on ITN News.