වාලච්චේන කඩදාසි කම්හල දියුණු කරන විදිහ
වාලච්චේන කඩදාසි කම්හල වැසීයාමට ඉඩනොදී රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට ඇති හැකියාව පිළිබද සොයා බැලිය යුතු බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව පෙන්වා දෙනවා.
ජාතික කඩදාසි සමාගමේ 2013 / 2014 සහ 2015 වසරවලට අදාළ වාර්ෂික වාර්තා මෙම අධීක්ෂණ කාරක සභාවේදී සැලකිල්ලට ගැණුනා.
මෙම කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර අලුත්වැඩියාවක් සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 1.2ක් අවශ්‍ය බව මෙහිදී හෙළිවුණා.
ඒ සදහා භාණ්ඩාගාරයේ මුදල් ප්‍රතිපාදන නොලැබුණු බැවින් රාජ්‍ය පෞද්ගලික හවුල්ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළද එය සංචාරක ව්‍යාපාරය සදහා වෙන්කර ඇති බැවින් ඒ සදහා අනුමැතිය නොලැබුණු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
මෙම යන්ත්‍ර අලුත්වැඩියා කළහොත් දිනකට ටොන් පහ බැගින් නිෂ්පාදන සිදුකර මාසයකට රුපියල් මිලියන 22ක ලාභයක් ලැබිය හැකි බවටයි මෙහිදී හෙළිකෙරුණේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුයේ රැම්ස් පද්ධතිය සමග ඉඩම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරන ලෙස නිර්දේශ ලබාදුන්න ද මේ වනතෙක් එය ඉටු නොකිරීම පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ අප්‍රසාදය පළකෙරුණා.
The post වාලච්චේන කඩදාසි කම්හල දියුණු කරන විදිහ appeared first on ITN News.