දේශබන්දු තෙන්නකෝන් : 'නව පොලිස්පති පත් කිරීම කිසිසේත් සුදුසු හෝ ව්යවස්ථානූකූල තීරණයක් නොවේ'
''තෙන්නකෝන් මහත්තයාට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක තීරණය වෙලා තියෙනවා ඔහු වද හිංසාවට සහ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් වගකිව යුතු වෙනවා කියලා. ඒ වගේම විවිධ අවස්ථා වලදී නීතිපතිවරයා තීරණයක් අරගෙන තිබුණා අධි චෝදනා නගන්න. පොලීසිය ගැන තිබෙන මහජන විශ්වාසය කඩ වෙලා කියලා ශ්රේෂ්ඨාධිකරණයම තීරණය කරලා තියෙනවා. එවැනි තත්ත්වයක් යටතේ ශ්රී ලංකාවට අවශ්ය වෙන්නේ ආදර්ශවත් පුද්ගලයෙක් පොලිස්පති ධූරයට'' යනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් BBC සිංහල සේවයට පැවසුවේය.