How can Sri Lankan charities find international donors and partners?

ජාතික සයිබර් ආරක්ෂණ පනත මෙම වසර තුළ ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා

- itnnews.lk

ජාතික සයිබර් ආරක්ෂණ පනත (National Cyber Security Act) මෙම වසරේදී ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් අනතුරුව සයිබර් ආරක්ෂණ අධිකාරිය ගොඩනැඟීමට කටයුතු කරන බවත් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසුවා.

ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින් රටේ ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා ඩිජිටල් ආර්ථික සමුළුව ජූලි මස අවසානයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසුවා.

“පසුගිය කාලයේ 4.73% ක්ව පැවති ඩිජිටල් ආර්ථිකය අද වන විට 5%කට වඩා ඉහළ තත්ත්වයකට වර්ධනය වී තිබෙනවා.

ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින් රටේ ආර්ථිකයට විශාල ශක්තියක් ලැබී තිබෙනවා.

එය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඩිජිටල් ආර්ථික සමුළුව ජූලි මස අවසානයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ හරහා දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන් මෙරටට ගෙන්වීමට ද සැලසුම් කර තිබෙනවා.

ඒ වෙනුවෙන් විදෙස් තානාපති කාර්යාල, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය එක්ව කටයුතු කරනවා.

ඒ වගේම පසුගිය වසරේ SLSI ආයතනයෙන් ලැබුණු ලාභයෙන් මිලියන 50ක් භාණ්ඩාගාරයට ලබාදී තිබෙනවා.

මෙරට ආර්ථිකයට 52%ක දායකත්වයක් ලබාදෙන කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් නඟා සිටුවීම උදෙසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවකට අනුව නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් තාක්ෂණිකව සවිබල ගැන්වීම එහි අරමුණ වී තිබෙනවා.

එහිදී ව්‍යවසායකයින් සඳහා GMP සහතිකය සහ SLSI සහතිකය ලබාදීමට කටයුතු කරනවා.

අනතුරුව ඔවුන්ට ආසියානු සංවර්ධන බැංකුව (ADB) හරහා අඩු පොලියට ණය ආධාර ලබාදීමට ද අප බලාපොරොත්තු වනවා.

එම කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් වෙළෙඳපළ වෙත යොමු කිරීම අපගේ අරමුණයි.

එමෙන්ම ශ්‍රී ලංකා ස(ර්)ට් ආයතනය (Sri Lanka Cert Institute) මඟින් ජාතික සයිබර් ආරක්ෂණ පනත (National Cyber Security Act) මෙම වසරේදී ගෙන ඒමට බලාපොරොත්තු වනවා.

ඉන්පසුව සයිබර් ආරක්ෂණ අධිකාරිය ගොඩනැඟීමට ද ඉතාමත් කඩිනමින් කටයුතු කරනවා.

ඒ වගේම විදුලි සංදේශ නියාමන කොමිසම, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව අන්තර්ජාල පහසුකම් නොමැති තෝරා ගත් පාසල් 1000කින් 700ක් සඳහා අන්තර්ජාල පහසුකම් ලබා දී තිබෙනවා.

එහි දෙවැනි අදියර ලෙස පාසල් මට්ටමින් “කෘත්‍රිම බුද්ධිය” විෂය හඳුන්වාදීම සඳහා AI මධ්‍යස්ථාන පිහිටුවීමට ද බලාපොරොත්තු වනවා.

එමෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව තාක්ෂණ නොවන උපාධිධාරීන් 10,000ක් සඳහා සය මාසික තාක්ෂණ කර්මාන්ත පුහුණුවක් ලබාදීම මැයි මාසයේ දී ආරම්භ කිරීමට ද බලාපොරොත්තු වනවා.”

The post ජාතික සයිබර් ආරක්ෂණ පනත මෙම වසර තුළ ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා appeared first on ITN News.

You may also like

- adaderana.lk

Leader of the National People s Power (NPP) Anura Kumara Dissanayaka states that opposing political factions might unite in order to ensure that the NPP will not come into power.

- adaderana.lk

An underworld figure from Angoda who was attempting to leave the country using a forged passport has been arrested at the Bandaranaike International Airport (BIA) in Katunayake.

- colombotelegraph.com

[…]The post ජාතික අධ්යාපන ප්රතිපත්ති රාමුව; ඉල්ලකය වරදවාගත් අදමිටු, අසම්පුර්ණ ලියවිල්ල: කොටස II appeared first on Colombo Telegraph.

- adaderana.lk

The Meteorology Department has issued a Heat Index Advisory for Northern, North-central, Sabaragamuwa, Eastern and North-Western provinces and Monaragala, Hambantota districts.

- island.lk

Yemen’s Houthis have damaged an oil tanker and downed another MQ-9 Reaper drone of the United States as they promise more attacks in opposition to Israel’s war on Gaza. The Iran-aligned group’s military spokesman, Yahya Saree, said in his latest televised video address early on Saturday that “British oil ship Andromeda Star” was targeted in […]

- island.lk

In the sleepy, verdant village of Ambagaswewa, in the Polonnaruwa district of Sri Lanka’s North Central province, 63-year-old TMH Gamini Sunil Thennakoon’s life is peaceful for the most part. On the brink of retirement, he still spends most days out working his rice paddies but is also content spending his days playing with his grandchildren […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc