ගාල්ල දිස්ත්රික්කයේ ප්රාදේශිය රෝහල්වල අඩුපාඩු සොයා බැලේ
සෞඛ්‍ය අමාත්‍යාංශය දිස්ත්‍රික් මට්ටමින් සිදුකරගෙන යනු ලබන විශේෂ වැඩපිළිවෙළට සමගාමීව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ (29) ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදූව, අහංගම සහ හබරාදූව යන ප්‍රාදේශිය රෝහල්වල විශේෂ නිරික්ෂණ චාරිකාවක නිරත වුණා.
මෙහිදී එම රෝහල්වල බාහිර රෝගී අංශය, වාට්ටු, සායන පවත්වන පරිශ්‍රය, රසායනාගාරය, හදිසි ප්‍රතිකාර ඒකකය, මුලුතැන්ගෙය ඇතුලු අනෙකුත් අංශවල විශේෂ නිරීක්ෂණයක නිරත වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, රෝහලට ඖෂධ ලැබීමේ ක්‍රමවේදයත්, ඖෂධවල හිඟතාවයක් පවතින්නේ ද යන්න පිළිබඳවත්, රෝගී සත්කාර සේවාවන් සිදු වන ආකාරයත්, රෝහල තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් තත්වය පිළිබදවත්, රෝහල්වලට ලැබිය යුතු මානව හා භෞතික සම්පත්වල අවශ්‍යතාවයන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළා.
නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය සමඟ විශේෂ සාකච්ජාවක නිරත වෙමින් කාර්ය මණ්ඩලයට පවතින රාජකාරී හා අනෙකුත් ගැටලු පිළිබඳව විමසීමට මෙන්ම ඒවාට විසඳුම් ලබාදීමට ද අමාත්‍යවරයා මෙහි දී කටයුතු කළා.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සමඟම ප්‍රාදේශීය රෝහල් සංවර්ධනය කර අවශ්‍ය මානව සහ භෞතික සම්පත් ලබාදීම තුළින් ප්‍රධාන රෝහල්වලට තිබෙන රෝගීන්ගේ තදබදය අඩුකර ගත හැකි බවයි.
ගාල්ල දිස්ත්‍රික්කය තුළ දිසා රෝහල් 20ක ප්‍රමාණයක් තිබෙන බවත් එම රෝහල් සංවර්ධනය කිරීම සඳහා එක් රෝහලකට ආරම්භක ප්‍රතිපාදන ලෙස රුපියල් ලක්ෂ 20ක ප්‍රතිපාදන මේ වන විට ලබා දීමට කටයුතු කර තිබෙන බවත් සඳහන් කළ අමාත්‍යවරයා අනෙකුත් සිදු කළ යුතු සංවර්ධන කටයුතු සඳහා ද අවශ්‍ය ඇස්තමේන්තු සකස් කර ලබා දෙන ලෙසත් ඒ අනුව අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන බව ද පැවසුවා.
වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් මත මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක වන අතර මෙහිදී රෝහල්වල පවතින මානව හා භෞතික සම්පත්වල අඩුපාඩු හදුනාගනිමින් ඒවාට කෙටි කාලීන , මධ්‍යකාලීන හා දිගු කාලීන විසඳුම් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර මෙරට ග්‍රාමීය රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව, ගුණාත්මකව හා කාර්යක්ෂමව පවත්වාගෙන යමින් ග්‍රාමීය ජනතාවට ඉහළ පහසුකම්වලින් සමන්විත රෝගී සත්කාර සේවාවක් ලබාදීම මුලික අරමුණ කරගෙන මෙම වැඩටහන ක්‍රියාත්මක කෙරෙනවා.
The post ගාල්ල දිස්ත්රික්කයේ ප්රාදේශිය රෝහල්වල අඩුපාඩු සොයා බැලේ appeared first on ITN News.