ඉහළ පෙළේ රුසියා ආයෝජකයින් පිරිසක් දිවයිනට
ආයෝජන අවස්ථා සොයා බැලීම සදහා ඉහළ පෙළේ රුසියා ආයෝජකයින් පිරිසක් දිවයිනට පැමිණ සිටිනවා.
ක්ෂේත්‍ර රැසක ආයෝජන සඳහා සූදානම් බවයි ඔවුන් පවසා තිබෙන්නේ.
සැපයුම් / නැව් නිෂ්පාදන / වරාය යටිතල පහසුකම් සංවර්ධනය / තොරතුරු තාක්ෂණය / බැංකු හා මූල්‍ය සහ විශේෂ ආර්ථික කලාප ආදී ක්ෂේත්‍ර රැසක රුසියා ආයෝජකයින් පිරිසකුයි දිවයිනට පැමිණ සිටින්නේ. ඉන්දියාවේ රුසියානු සම්මේලනයේ වෙළද කොමසාරිස් ආචාර්ය ඇලෙක්සැන්ඩර් රිබාස් මහතා එහි මූලිකත්වය දරනවා.
මෙම දූත කණ්ඩායම කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්ද මහත්මිය හමුවී සාකච්ඡා කළා.
ඒ කර්මාන්ත අමාත්‍යාංශයේදීයි.
ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබද රුසියා ව්‍යාපාරික ප්‍රජාව දැඩි උනන්දුවක් දක්වන බවයි ඔවුන් ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පවතින ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ලේකම්වරිය නියෝජිත පිරිස දැනුවත් කළා.
ලබන ජුනි 19 වනදා සිට 23 වනදා දක්වා එක්ස්පෝ 2024 ශ්‍රී ලංකා ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට එක්වන ලෙස ද ඇය මෙහිදී ආරාධනාවක් සිදුකළා.
The post ඉහළ පෙළේ රුසියා ආයෝජකයින් පිරිසක් දිවයිනට appeared first on ITN News.