කොටියා : 'අපේ පර්යේෂණය අනුව ආසියාවේ වැඩිම කොටි ඝනත්වය තියෙන වනාන්තරය විල්පත්තුව'
''2018 අපි කළ පර්යේෂණයකට අනුව දැනට ආසියාවේ වැඩිම කොටි ඝනත්වය තියෙන වනාන්තරය විල්පත්තුව. මේ දිනවල ගැහැණු සතුන් අට දෙනෙක් පැටව් දාලා. මරදන්මඩුව ප්රදේශයේ පැටව් බිහි කළ ගැහැණු සත්ත්වයා මේ පැටව් බිහි කළ පස්වැනි අවස්ථාව. මම 2011 ඉඳලා විල්පත්තුවේ කොටි ගැන පර්යේෂණ කරනවා. නමුත් මෙහෙම දෙයක් වාර්තා වූ පළවැනි අවස්ථාව මේක'' යනුවෙන් වනජීවී පර්යේෂක කිත්සිරි ගුණවර්ධන BBC සිංහල සේවයට පැවසුවේය.