ආධාර රැගත් පැරෂුටයක් කඩාවැටීමෙන් ගාසා වැසියන් 5 දෙනෙකු ජීවිතක්ෂයට
ගාසා ජනතාවට අත්‍යවශ්‍ය මානුෂීය ආධාර ගුවනින් ලබා දීමේදී එම ආධාර රැගත් පැරෂුටයක් ක්‍රියා විරහිත වීම හේතුවෙන් ආධාර බලාපොරොත්තුවෙන් සිටි පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට වුණා.
ගාසා තීරයට ඇතුල් වීමට ඇති ගොඩබිම් මාර්ග හරහා ආධාර රැගෙන යාම ඊශ්‍රායලය අවහිර කිරීමත් සමඟ ගුවනින් ආධාර ලබා දීම ආරම්භ කෙරුණා.
ගාසා තීරයේ ෂාටි සරණාගත කඳවුරට උතුරින් ආහාර බලාපොරොත්තුවෙන් සිටි පිරිසක් වෙතයි එම ආධාර රැගත් පැරෂුටය කඩා වැටී ඇත්තේ.
එම ආධාර තොගය කඩා වැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලැබුවා.
සිද්ධියට ප්‍රතිචාර දක්වමින් හමාස් සංවිධානය සඳහන් කරන්නේ ගුවනින් ආධාර ලබා දීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බැවින් ගොඩබිම් මාර්ග හරහා ආධාර ලබාදීමට ඉඩ ලබා දෙන ලෙසයි.
එමෙන්ම ගාසා වැසියන් මුහුණ දී සිටින්නේ ආහාර හා වෛද්‍ය සැපයුම් හිඟයට පමණක් නොව ආහාර පැකේජ සඳහා බලා සිටින විට ඊශ්‍රායල හමුදාවේ හෝ ක්‍රියාකාරී නොවන පැරෂුටයකට ඉලක්ක වී මරණයට ගොදුරු වන බවයි.
The post ආධාර රැගත් පැරෂුටයක් කඩාවැටීමෙන් ගාසා වැසියන් 5 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.