යුක්තියේ මෙහෙයුමෙන් තවත් පිරිසක් අත්අඩංගුවට
දිවයින පුරා සිදුකළ යුක්තිය මෙහෙයුමේදී පැය 24ක් තුළ සැකකරුවන් එක්දහස් එකසිය එක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 1,030 දෙනෙකු ඒ අතර වනවා.
අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 71 දෙනෙකු ද මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.
මෙම කාලය තුළ හෙරොයින් ග්‍රෑම් 427කට අධික ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගැණුනා. ගංජා, මාවා, තුල්, මදන මෝදක සහ මත්පෙති ද අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර වන බව පොලීසිය සදහන් කරනවා.
මේ අතර යුක්තිය මෙහෙයුමට සමගාමීව අලුත්ගම නගරයේ සිදුකළ වැටලීමකදී ගංජා මිශ්‍ර දුම්කුඩු සහිත කුඩා ප්‍රමාණයේ පැකට් 120ක් සොයා ගත්තා. වෙළෙදසැල් හිමිකරු පවසා ඇත්තේ මෙම කඩු විශේෂය අයුර්වේද බෙහෙතක් ලෙස අලෙවි කරන බවයි.
කෙසේ වෙතත් ඒවා ගංජා මිශ්‍ර දුම්කුඩු බව වැඩිදුර විමර්ශනයේ දී හෙළිවී තිබෙනවා. විශේෂයෙන් පාසල් දරුවන් ඉලක්ක කර මේවා අලෙවිකර ඇති බවයි පොලීසිය පවසන්නේ.
රත්ගම වෙරළ තීරයේ දී කැස්බෑ බිත්තර 42ක් විශේෂ කාර්ය බලකායේ භාරයට ගෙන තිබෙනවා.
බිත්තර තොගය එම ස්ථානයට රැගෙන ආ පුද්ගලයින් පිළිබද වැඩිදුර විමර්ශන සදහා ඒවා රත්ගම පොලීසිය වෙත භාරදුන් බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.
මේ අතර පෞරාණික වටිනාකමක් ඇති බව කියන පුරාවස්තු කීපයක් සමඟ උපකරණ තොගයක් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මීගහතැන්න ප්‍රදේශයේදීයි.
මෙම පුරාවස්තු රුපියල් කෝටි පහකට අධික මුදලකට අලෙවි කිරීමට රැගෙන යමින් තිබියදී අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.
ප්‍රදේශයේ හිමිනමක සහ තවත් සැකකරුවෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The post යුක්තියේ මෙහෙයුමෙන් තවත් පිරිසක් අත්අඩංගුවට appeared first on ITN News.