පොල් කර්මාන්තය දියුණු කරන ගමන
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොල් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදනවල නිරත කර්මාන්තකරුවන් අතර සාකච්ඡාවක් ද ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.
ජාතික ආර්ථිකය සඳහා පොල් කර්මාන්තයේ දායකත්වය ඉහළ නංවමින් මෙරට පොල් වගාව සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අපනයනය ඉලක්ක කරගත් තරගකාරී කර්මාන්තයක් ලෙස සංවර්ධන කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
එමෙන්ම ශ්‍රී ලංකා ජාතික පොල් කර්මාන්ත මණ්ඩලය (National Chamber of Coconut Industry Sri lanka) පිහිටුවීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.
පොල් කර්මාන්තය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලුණු අතර ක්ෂේත්‍රයේ නියුතු වූවන් විසින් ඉදිරිපත් කළ ගැටලු පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණා.
භූමියෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සහ පොල් කර්මාන්තය ආශ්‍රිත ඵලදායිතාවය ඉහළ නංවා ගැනීමට සැලසුම් සහගතව කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂිත ඉලක්ක කරා ළඟාවීමට පොල් කර්මාන්තය හා සම්බන්ධ සියලූම ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද පැහැදිළි කළා.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු මෙන්ම අදාළ ආයතනවල ප්‍රධානීන් සහ නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.
The post පොල් කර්මාන්තය දියුණු කරන ගමන appeared first on ITN News.