ශ්රී ලංකා සන්නද්ධ සේවා වෛද්ය විද්යාර්ථයින්ගේ 7 වන වාර්ෂික අධ්යයන සැසිවාරය සෞඛ්ය අමාත්යවරයාගේ ප්ර...
ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්ය විද්යාර්ථයින්ගේ 7 වන වාර්ෂික අධ්යයන සැසිවාරය සෞඛ්ය අමාත්යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි
ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්ය විද්යාර්ථයින්ගේ 7 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයේ සමාරම්භක උත්සවය “Diversity and Inclusion Towards Excellence in Military Medicine” යන තේමාව පෙරදැරිව, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපතිනී ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික දන්ත වෛද්‍ය සේවා, වෛද්‍ය කොමදෝරු නයනා විජේදෝරු ගේ ආරාධනයෙන්, සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය ගරු රමේෂ් පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024 මාර්තු මස 15 වන දින වැලිසර Wave N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී අභිමානවත්ව පැවැත්වුණ අතර, එම අවස්ථාව සඳහා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාර්ථයින් නියෝජනය වෛද්‍ය වෘත්තිකයන් පිරිසක් සහභාගී වී තිබෙනවා.
ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්ය විද්යාර්ථයින්ගේ 7 වන වාර්ෂික අධ්යයන සැසිවාරය “Diversity and Inclusion Towards Excellence in Military Medicine” යන තේමාව පෙරදැරිව, 2024 මාර්තු 16 සහ 17 දෙදින කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී දෙස් විදෙස් වෛද්‍ය විද්‍යාර්ථයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්ය විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් කටයුතු සූදානම් කර තිබෙනවා.
සමාරම්භක අවස්ථාවේදී ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපතිනිය විසින් පිළිගැනීමේ දේශනය සිදුකල අතර, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් ගෞරවනීය ආරාධිත දේශනය සිදුකෙරිණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය ගරු රමේෂ් පතිරණ මැතිතුමා විසින් උත්සව අවස්ථාව අමතමින්, වෛද්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් සන්නද්ධ සේවා වෛද්ය විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් සිදුකරන කාර්යය භාරය සුවිශේෂී ඇඟයීමකට ලක්කෙරිණි.
The post ශ්රී ලංකා සන්නද්ධ සේවා වෛද්ය විද්යාර්ථයින්ගේ 7 වන වාර්ෂික අධ්යයන සැසිවාරය සෞඛ්ය අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් appeared first on ITN News.