යුක්රේන රැකියා සිහින පෙන්වා 55ක් යුද්ධයට යැවූ දෙදෙනෙකු අත්අඩංගුවට
යුක්රේන රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 55 දෙනෙකු එරට යුද බිමට යොමුකළ සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසනවා.
මේ අතර අපරාධකල්ලි සාමාජිකයන්ට ගුවන් ගමන් බලපත්‍ර සකස් කර දීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරුන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.
The post යුක්රේන රැකියා සිහින පෙන්වා 55ක් යුද්ධයට යැවූ දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.