හිරු එළියෙන් සිතුවම් මවන මඩකලපුවේ ශිවනේෂරාසා
හිරු එළියෙන් සිතුවම් මවන කලාකරුවෙකු ගැන අපිට මඩකලපුවෙන් අසන්නට ලැබිණි. 26 වැනි වියේ පසුවන ඔහු නමින් ශිවනේෂරාසා ලිංගේෂ්වරන් ය. හිරු එළියෙන් සිතුවම් මවන ඉන්දීය කලාකරුවකුගේ නිර්මාණ දැකීමෙන් මේ සඳහා තමන් තුළ පෙළඹවීමක් ඇති කළ බව ඔහු BBC සිංහල සේවයට පැවසුවේය.