අනුර කුමාර , ජපාන තානාපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩෙකි මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (19) පෙරවරුවේ පැවත්වී තිබෙනවා.
ඒ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදීයි.
ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්ත්වය දීර්ඝ ලෙස දෙපාර්ශ්වයේ සාකච්ඡාවට බඳුන් වී ඇති අතර, එළැඹෙන ජනාධිපතිවරණය පිළිබඳවද අවධානය යොමුව තිබෙනවා.
මෙම හමුව සඳහා ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි Katsuki Kotaro මහතා සහ දෙවැනි ලේකම් Imai Kaori මහත්මියද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා ද එක්ව සිටියා
The post අනුර කුමාර , ජපාන තානාපති හමුවෙයි appeared first on ITN News.