'නංගිගෙයි මගෙයි බිස්නස් එක තමයි V & S බේකර්ස්'
අධ්යාපන කටයුතු කරන අතරේ කේක් ඇතුළු බේකරි නිෂ්පාදන සිදු කරන සහෝදරියන් දෙදෙනෙකු ගැන කෑගල්ල, රංවල ප්රදේශයන් අසන්නට ලැබිණි. අවුරුදු 12ක් සහ 13ක් වයසැති එම දියණියන් දෙදෙනා 'V & S බේකර්ස්' නමින් තම නිෂ්පාදන අලෙවි කරති. 'නංගිගෙයි මගෙයි බිස්නස් එක තමයි V & S බේකර්ස්'. අම්මලාට සල්ලි නැති වෙලාවට ඉගන ගන්නේ අපි කේක් හදන සල්ලි වලින්'' යනුවෙන් පෙමින්දි සේනාරත්න BBC සිංහල සේවයට පැවසුවාය.