පාතාලය මර්දනයට ඇරඹූ විශේෂ මෙහෙයුම රට පුරා ක්රියාත්මකයි
පාතාලය මර්දනයට ඇරඹූ විශේෂ මෙහෙයුම මේ වනවිට ක්රියාත්මකයි.
ඊයේ දිනයේ දී අපරාධ කල්ලි සාමාජිකයින් තුන්දෙනෙකු මෙම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ මැඩලීමේ විශේෂ කණ්ඩායම බොරැල්ල ප්රදේශයේ දී වැටලීමක් සිදු කළා.
එහිදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙසෙල්වත්ත දිනුකගේ කල්ලියේ සාමාජිකයෙකු හෙරොයින් ග්රෑම් 6 යි මිලිග්රෑම් 550 ක් සමඟ අත්අඩංගුවට ගැනීමට වැටලීම සිදුකළ නිලධාරීන් සමත් වුණා.
එමෙන්ම මාළිගාවත්ත ජුම්මා මස්ජිඩ් පාර ප්රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් සමඟ තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
ගෝඩා රිස්වාන් නමැති අන්වර්ථ නාමයෙන් හැදින්වෙන මොහු කංජිපානි ඉම්රාන්ගේ කණ්ඩායමේ සිමාජිකයෙකු වනවා.
සංවිධානාත්මක අපරාධ මැඩලීමේ විශේෂ කණ්ඩායම කජීමාවත්ත ප්රදේශයේ සිදු කළ වැටලීමකදී ද තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
පූකුඩුකන්නාගේ ගෝලයෙකු වන මොහු සන්තකයේ තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් හයයි මිලිග්රෑම් 620 ක් ද සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ.
The post පාතාලය මර්දනයට ඇරඹූ විශේෂ මෙහෙයුම රට පුරා ක්රියාත්මකයි appeared first on ITN News.