ආශීර්වාද මැද සිදු වූ ඩවුන් සින්ඩ්රෝමය සහිත දෙදෙනෙකුගේ විවාහය
''යම් වයසකට ආවට පස්සේ, එයා සහකරුවෙක් සහ ඇසුරක් අපේක්ෂාවෙන් සිටින බව අපට දැක ගන්න පුළුවන් වුණා. අපි දැනගෙන හිටියා එයා වැඩිලා ඉන්නේ කියලා. තමන්ගේ හැඟීම් බෙදාහදා ගන්න, එයා විශේෂ යහළුවෙක් හෝ සහකරුවෙක් බලාපොරොත්තුවෙන් හිටියා. අනන්යා යම් ඇසුරක් අපේක්ෂාවෙන් ඉන්න බව ඇයගෙන් පළවූ ඉඟිවලින් පැහැදිලි වුණා. ඒ නිසා අපි හිතුවා එයාට සහකරුවෙක් හොයන්න ඕන කියලා.'' යනුවෙන් අනන්යාගේ මව වන වෛද්යවරියක වූ තේජාස්විතා සවන්ත් පවසන්නීය.