ඉන්දුනීසියා ජනාධිපතිවරණයේ ජය ප්රබෝවෝ සුබියන්ටෝට
ඉන්දුනීසියා ජනාධිපතිවරණයෙන් ප්රබෝවෝ සුබියන්ටෝ ජයගත් බව එරට මැතිවණ කොමිසම නිල වශයෙන් අද නිවේදනය කළා.
ලොව තුන්වන විශාලතම ප්රජාතන්ත්රවාදී රාජ්යය ඉන්දුනිසියාවයි.
පසුගිය පෙබරවාරි මස පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් ප්රබෝවෝ එරට ආරක්ෂක අමාත්යවරයා වනවා.
හිටපු හමුදා ජෙනරාල්වරයෙකු වන ප්රබෝවෝ 58.59% ක ඡන්ද ප්රතිශතයක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.
දූපත් 17,000ක් හා කාල කලාප තුනකින් සමන්විත ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දදායකයින් මිලියන 205ක් ලියාපදිංචිව සිටියා.
ඉන් 80%ක් ඡන්දය ප්රකාශ කර තිබුණා.
The post ඉන්දුනීසියා ජනාධිපතිවරණයේ ජය ප්රබෝවෝ සුබියන්ටෝට appeared first on ITN News.