කියෙව් අගනුවරට රුසියාවෙන් මිසයිල හා ඩ්රෝන ප්රහාර
අද අලුයම යුක්රේනයේ කියෙව් අගනුවරට රුසියාව මිසයිල හා ඩ්රෝන ප්රහාර එල්ල කර තිබෙනවා.
අලුයම 5 සිට යුක්රේන අගනුවරින් විශාල පිපිරීම් හඬ ඇසුණු බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ස්වියැටිශින්ස්කි දිස්ත්රික්කයේ ළදරු පාසලකට රොකට් ප්රහාර එල්ල කර තිබෙනවා.
කියෙව් නගරාධිපතිවරයා ප්රකාශ කළේ ප්රහාර වලින් මහල් ගොඩනැගිල්ලක් හා මෝටර් රථ කිහිපයක් ගිනිගෙන ඇති බවයි.
යුක්රේන අගනුවරට අවසන් වරට ප්රහාර එල්ල වූනේ පසුගිය ජනවාරි මාසයේදීයි.
The post කියෙව් අගනුවරට රුසියාවෙන් මිසයිල හා ඩ්රෝන ප්රහාර appeared first on ITN News.