ත්රීවිල් රථ රියදුරන් තුළ වෘත්තීය දැනුම හා කුසලතා ප්රවර්ධනය කිරීමේ දීප ව්යාප්ත වැඩසටහනක්
තරුණ ත්රීවිල් රථ රියදුරන් තුළ වෘත්තීය දැනුම හා කුසලතා ප්රවර්ධනය කිරීමේ අරමුණින් Painting, Electrician, Plumber, Hair cutting හා Carpenter යන ක්ෂේත්රයන් ඉලක්කගත කරමින් වෘත්තීය පුහුණු වැඩසටහන් දිවයින පුරා ක්රියාත්මක කිරීමට ශ්රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, මෙහි ප්රථම අදියර ලෙස ගම්පහ, කොළඹ, හම්බන්තොට හා ගාල්ල දිස්ත්රික්කවල වැඩසටහන් පැවැත්වීමට බලාපොරොත්තු වන අතර පළමු කණ්ඩායමේ වැඩසටහන 2024 මාර්තු 31 දිනට පෙර ගම්පහ දිස්ත්රික්කයෙන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
මේ සඳහා අදාළ අවබෝධතා ගිවිසුම ශ්රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා කර්මාන්ත අමාත්යාංශයේ විදාතා ඒකකය අතර පසුගියදා අත්සන් කෙරුණා.
ඒ සදහා කර්මාන්ත අමාත්යාංශයේ නියෝජ්ය අධ්යක්ෂ ජයසමරා ගුණරත්න මිය, අතිරේක ලේකම් පී.එම්.පී.කේ. කරුණාරත්න මහතා ද ශ්රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති/ප්රධාන විධායක නිලධාරී එයාර් වයිස් මාර්ෂල් (විශ්රාමික) ප්රසන්න රණසිංහ මහතා, උප සභාපතිතුමා සහ අධ්යක්ෂ ජනරාල් මේජර් ජනරාල් (විශ්රාමික) ප්රියන්ත වීරසිංහ මහතාගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.
The post ත්රීවිල් රථ රියදුරන් තුළ වෘත්තීය දැනුම හා කුසලතා ප්රවර්ධනය කිරීමේ දීප ව්යාප්ත වැඩසටහනක් appeared first on ITN News.