ඉෆ්තාර් උත්සවයක් කොළඹ මහ පල්ලියේදී
ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් කොළඹ මහ පල්ලියේ දායක සභාව විසින් සංවිධානය කරන ලද ‘ඉෆ්තාර්’ උත්සවය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (21) කොළඹ මහ පල්ලියේදී පැවැත්වුණා.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ‘ගාසා ළමා අරමුදල’ වෙනුවෙන් මුදල් පිරිනැමීම සඳහා මුල්යමය පරිත්යාගයක් මහ පල්ලියේ සභාපති තාහීර් රසීර් මහතා විසින් අමාත්ය විදුර වික්රමනායක මහතා වෙත එහිදී පිරිනමන ලදී.
එසේම සියලුම අමාත්යාංශ සහ රජයේ ආයතන එක්ව මෙවර ඉෆ්තාර් සැමරුම් පැවැත්වීම සඳහා වෙන් කර තිබූ ප්රතිපාදන මෙම අරමුදලට බැර කිරීමට තීරණය කර තිබෙනවා.
මෙහිදී ජනාධිපතිවරයා ප්රමුඛ රජයේ අපේක්ෂාව වනුයේ ගාසා තීරයේ යුද ගැටුම් හේතුවෙන් විපතට පත් දරුවන්ගේ සෞඛ්ය සහ අධ්යාපන පහසුකම් වෙනුවෙන් ඇමරිකා ඩොලර් මිලියනයක පරිත්යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන හරහා ලබා දීමය.
එහිදී අමාත්ය විදුර වික්රමනායක මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය,
‘අපිට අපේ ජීවිතය අන්අය වෙනුවෙන් කැප කරන්න පුළුවන් නම් ඒක තමයි සැබෑ ජයග්රහණය. පවුල ,ගමේ ජනතාව,රට වෙනුවෙන් තමන්ගේ කාලය කැප කළ යුතුයි.
මේ ආකාරයෙන් විශාල කැපකිරීම් කල යුතු කාලයක් එළැඹිලා තියෙනවා. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යවරයෙක් පළමු වරට තමයි මේ පල්ලියට පැමිණියේ.දෙවියන්ගේ භූමියට මම එන්නේ ඔබ ගැන තියෙන අසීමිත විශ්වාසය සහ ගෞරවය නිසයි.අපි එකිනෙකාට ගෞරව කරනවනම් එකිනෙකාව තේරුම් ගන්න උත්සාහ කරනවනම් මේ ලෝකය මීට වඩා ලස්සන තැනක් වෙයි.’
මවුලවිවරු, කොළඹ මහ පල්ලියේ උලමාවරුන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරු වන ඒ. එච්. එම් . ෆවුසි, මුජිබර් රහුමාන්, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු අධ්යක්ෂ ඉසෙඩ් . ඒ. එම් . ෆයිසාල් , නව හජ් කමිටු සභාපති ඉබ්රහිම් අන්සාර් , හජ් කමිටු සාමාජික මොහොමඩ් හනීෆ ඉෂාක් , වකුප් සභාවේ සභාපති මොහිදීන් හුසේන් යන මහත්වරු කොළඹ මහ පල්ලියේ දායක මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
The post ඉෆ්තාර් උත්සවයක් කොළඹ මහ පල්ලියේදී appeared first on ITN News.