ආර්ජන්ටිනාවේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්
ආර්ජන්ටිනාව තුළ ඩෙංගු රෝගය සීඝ්රයෙන් ව්යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්ය සඳහන් කරනවා.
2023 වසරේ ආරම්භයේ සිට මේ දක්වා ආර්ජන්ටිනාවෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්යාව එක්ලක්ෂ විසිදහසකට අධික වනවා.
ඒ අතුරින් වැඩිම රෝගී සංඛ්යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය මාස දෙක තුළ දී බවයි එරට සෞඛ්ය අංශ පවසන්නේ.
ඉතිහාසයේ ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්යාවක් වාර්තා වු කාලය ලෙස ද 2023 වසරේ ආරම්භයේ සිට මේ දක්වා කාලය සැලකිය හැකියි.
එමෙන්ම වාර්තා වී ඇති රෝගී සංඛ්යාව පසුගිය වසරට සාපේක්ෂව 200%කින් පමණ ඉහළ යාමක් බව ද සෞඛ්ය අංශ නිවේදනය කරනවා. එම කාලය තුළ දී ආර්ජන්ටිනාවෙන් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්යාව 79ක්.
The post ආර්ජන්ටිනාවේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් appeared first on ITN News.