ඉන්දියාවේ ලඩාක් ප්රදේශයේ වැසියන් පිරිසක් රජයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක
ඉන්දියාවේ ලඩාක් ප්රදේශයේ වැසියන් පිරිසක් රජයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක නිරත වනවා.
අධික ශිත කාලගුණය මධ්යයේ පැවති විරෝධතා සදහා බෞද්ධයින් 1500ක පමණ පිරිසක් සහභාගි වී තිබෙනවා.
ඔවුන්ගේ ඉල්ලීමට අනුව 2019 වසරේ දී ලඩාක් ප්රදේශය කාශ්මිරයෙන් වෙන් කිරීමට ඉන්දීය රජය පියවර ගත්තා.
උතුරු ඉන්දියාවේ පිහිටා ඇති ලඩාක් ප්රදේශයේ ලක්ෂ තුනක පමණ පිරිසක් වාසය කරන අතර ඔවුන් මුස්ලිම් ජාතිකයින් හා බෞද්ධාගමිකයින් වනවා.
මේ වන විට ජම්මු හා කාශ්මිර් ප්රාන්තය / ලඩාක් හා ජම්මු කාශ්මිර් ප්රාන්තය ලෙස කොටස් දෙකකට වෙන්ව පවතිනවා.
කෙසේ වුවද රජය තමන්ට පොරොන්දු වු පරිදි වෙනම ප්රාන්තයක් ලෙස නම් කිරීමකින් තොරව කටයුතු කරන බවත් ලබා දුන් පොරොන්දු ඉටු නොකරන බවත් ලඩාක් ජනතාව චෝදනා කරනවා.
The post ඉන්දියාවේ ලඩාක් ප්රදේශයේ වැසියන් පිරිසක් රජයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක appeared first on ITN News.