ඇමෙරිකාව හා යුරෝපා සංගමය ඊශ්රායලයට එල්ල කරන පීඩනය වැඩි කරයි
ඇමෙරිකාව හා යුරෝපා සංගමය ගාසා තීරයේ සටන් විරාමයක් ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඊශ්රායලයට එල්ල කරන පීඩනය වැඩිකර තිබෙනවා.
ඇමෙරිකාව සම්පාදනය කළ සටන් විරාම යෝජනාව සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක කවුන්සිලයේ දී ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතයි.
කටාර් රාජ්යයේ මැදිහත් වීමෙන් ඊශ්රායල / හමාස් සාම සාකච්ඡා පැවැත්වුණ ද මේ වන තෙක් අවසන් තීරණයකට පැමිණීමට දෙපාර්ශවය සමත් වී නැහැ. ගාසා තීරය තුළ මානුෂිය විරාමක් ඇති කිරීමට සියලු පාර්ශවයන් එක්ව කටයුතු කළ යුතු බව යුරෝපා සංගමය පෙන්වා දෙනවා.
පසුගිය ඔක්තෝබර් 7 වන දින ඊශ්රායලය යුද මෙහෙයුම් ආරම්භ කළ මොහොතේ සිට ඔවුන්ගේ ප්රධානතම සහකරුවා ලෙස කටයුතු කළ ඇමෙරිකාව මේ වන විට ජාත්යන්තර පීඩනය හමුවේ තම ස්ථාවරය වෙනස් කරමින් සිටින අයුරු දක්නට පුළුවන්.
The post ඇමෙරිකාව හා යුරෝපා සංගමය ඊශ්රායලයට එල්ල කරන පීඩනය වැඩි කරයි appeared first on ITN News.