How can Sri Lankan charities find international donors and partners?

හිඟන්නො කැමති නැහැ තුවාල හොඳ වෙනවාට

- itnnews.lk

උජාරුවට අනුන්ගේ කලිසම් ඇඳගෙන නොයා තමන්ගේ කලිසම හැළුණත් රට වැටෙන්න නොදෙන එකයි ස්මාට් අරගලය

ඩොලර් මිලියන 500 ක් එවන්න කියලා ඉල්ලීම් කරපු අපි බිලියන 10ක් රටට ගෙනාවා

ඊශ්රායල්, කොරියා රැකියා ගාල්ලට බෙදන්න පුළුවන් වුණත්, එහෙම නොකර රට වටේටම ඒ රැකියා බෙදනවා

හිඟන්නො කැමති නැහැ තුවාල හොඳ වෙනවාට

තමන්ගේ නොවන කලිසම් ඇඳගෙන උජාරුවට කයිවාරු ගැසීමට වඩා කලිසම් හැළුණත් රටේ ආර්ථිකය, ඩොලරය නොවැටී ඉදිරියට ගෙන යාම නියම නායකත්වයේ ලක්ෂණයක් බවත් මළමිනී උඩින් හෝ දේශපාලනය කරන්නන්ට රට ආපස්සට ගෙන යාමට කිසිදු ඉඩක් නොතබන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා අද ශ්රී ලාංකිකයින්ට විදේශ රැකියා අවස්ථා සැලසීම පිණිස මාතලේදී ආරම්භ කෙරුණු ‘ජයගමු ශ්රී ලංකා’ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින් ප්රකාශ කළා.

තම අමාත්යාංශයට එන ඊශ්රායෙල්, කොරියා, ජපාන රැකියා අවස්ථා තමන් නියෝජනය කරන ගාල්ල දිස්ත්රික්කයට ලබා දිය හැකි වුවත් තම සේවය රට වෙනුවෙන් පමණක් වන බව අමාත්යවරයා එහිදී ප්රකාශ කළා.

මාතලේ එඩ්වඩ් ක්රීඩාංගණයේ අද සහ හෙට (23) දෙදින තුළ පැවැත්වෙන වැඩසටහනේදී කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශයට අනුබද්ධ සියලුම ආයතන කෙරෙන් ලැබිය යුතු සේවා පිළිබඳව වෘත්තිකයින් දැනුවත් කිරීම, තරුණ තරුණියන් දස දහසකට ජනාධිපති අරමුදල මගින් වෘත්තීය පුහුණුව ලබා දීමට කටයුතු සැලසීම, ශ්රී ලංකාවේ විගමණික ශ්රමිකයන්ගේ දරුවන් ඉගෙනුම ලබන පාසල්වල සුහුරු පන්ති කාමර සඳහා ස්මාට් බෝඩ් ලබා දීම යනාදී කටයුතු ගණනාවක් සිදු කෙරෙනවා.

බය නැතිව තීන්දු ගැනීමයි වැදගත්. බය නැතිව තීන්දු ගත්ත නිසා තමයි අපිට යුද්ධය අවසන් කරන්න හැකියාව ලැබුණේ. ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ ජනාධිතිවරයා ආරක්ෂක අංශ සමඟ එක් වෙලා බය නැතිව තීන්දු තීරණ ගත්තා. මේ පැමිණ තිබෙන්නේ රටක් විදිහට සියලු දෙනා ස්මාට්ව තීන්දු තීරණ ගත යුතු වෙලාවක්. අද අපිට අවශ්ය කර තිබෙන්නේ මේ රට ස්මාට් විදිහට ඉදිරියට ගෙනියන්න අවශ්ය කරන තීන්දු ක්රියාත්මක කිරීමයි. ඒ නිසාමයි අපි මේ ස්මාට් ජනතාව හොයාගෙන මාතලේට ආවේ. ඒ වගේම රටේ ජනතාව ස්මාට් අරගලයක් වෙනුවෙන් පෙළ ගස්වන ගමනේ මාතලේ සේනා සංවිධානය කරන, ස්මාට් රටක් වෙනුවෙන් ස්මාට් වැඩ්ඩන් හදන, ස්මාට් පුරවැසියන් ගොඩනගන ස්මාට් අවබෝධය ඔබට ලබාදෙන්නයි අපි කටයුතු කරන්නේ.
එදා නිදහස් සටන්වල, යටත් විජිත විරෝධී අරගලවල, නායකත්වය, මූලිකත්වය ගත්තු මාතලේ ඔබට අදත් මේ රට නැවත වතාවක් ජයග්රාහී රටක් බවට පත් කරන්නයි අපි මෙහි පැමිණියේ. ‘ජයගමු ශ්රී ලංකා’ ගමන්මගේ මූලික ස්ථානයක් අරගෙන මේ රට දිනවන්න ඔබ සියලු දෙනාට අත්වැල් බැඳගන්න ආරාධනා කරන්න තමයි අපි මේ ස්ථානයට පැමිණියේ.
අපේ උරුමය රැකලා දුන්නු, සුවිශේෂී සංධිස්ථානවලට මාතලේ උරුමකම් කියනවා. අවුරුදු සීයකට වැඩි කාලයක් අපි බ්රිතාන්ය යටත් විජිතයක්, කොලනියක් විදිහට හිටියා- ඒ කාලය ඇතුළත නිදහස් සටන් තුනක් සිද්ධ වුණා. පළවෙනි එක 1818දී. දෙවෙනි එක 1848දී. තුන්වෙනි එක අපි නිදහස දිනා ගත්ත 1948දී. මේ තුනටම මේ මාතලේ සම්බන්ධයි. 1818 සටනේ නායකයා මේ මාතලේ කෙනෙක්. ඒ තමයි කැප්පෙටිපොල. 1848 සටන ඇවිළුණේ මේ මාතලේ. ඊට පස්සෙ 1948දී නිදහස් ලංකාවේ අවසාන අග්රාණ්ඩුකාරතුමා, ඒ වගේම අපේ රටේ එකම නාමික ජනාධිපතිතුමා, විලියම් ගොපල්ලව මහත්තයා – මේ මාතලේ. මාතලේට ඒ හැම අවස්ථාවක්ම සම්බන්ධයි. ඒ විතරක්ද ඇලික් අළුවිහාරේ වගේ දේශපාලනඥයන්, කුමාර් සංගක්කාර වගේ ලෝක පූජිත ක්රීඩකයින්, හේමාල් රණසිංහ වගේ ජනකාන්ත රංගන ශිල්පීන්, ඒ විතරක්ද අපේ හිටපු හමුදාපතිතුමා ශවේන්ද්ර සිල්වාත් වර්තමාන හමුදාපතිතුමාත් මාතලේ බිහි වුණ චරිත. ඒ වගේම තිස් අවුරුදු යුද්ධයෙන් මේ රට මුදා ගන්නත් මාතලේ දියණියන් පුතුණුවන් දායක වුණා.
මාතලේ හැම තීරණාත්මක අවස්ථාවකදීම රටට අවශ්ය ශක්තිය, ජවය දීලා තියෙනවා. අද අපි මේ මාතලේ ජනතාවටත් ඇවිල්ලා ආරාධනා කරන්නේ මේ ශ්රී ලංකාව නැවත ගොඩනගන වැඩේට, මේ ස්මාට් අරගලයට එකතු වෙන්න කියලයි. මේ තීරණාත්මක අවස්ථාවේ අවබෝධයෙන් කටයුතු කළයුතු වෙනවා.
දේශපාලන විඥානයකින් යුක්තව කටයුතු කළයුතු වෙනවා. අපේ රටේ තියෙන ලොකුම ප්රශ්නයක් තමයි විඥානය පිළිබඳ වූ ප්රශ්නය. මෙය ඉතිහාසය පුරාම අපිව රටවට්ටන්න හේතු සාධක වුණා. අපි නියම දේශපාලනික අවබෝධයකින් කටයුතු කරන්න ඕන වෙලාවක් මේක. මේ විදිහට ගමෙන් ගමට, නගරයෙන් නගරයට, මේ විදිහට රට පුරා අපි යන්නේ අන්න ඒ දේශපාලන අවබෝධය මේ රටේ ජනතාවට ලබා දෙන්න. ඔය එක එක කයිවාරුකාරයො දැන් අපිට අපහාස කරන්න පටන් අරගෙන තියෙනවා.
ඔය කයිවාරුකාරයෝ පසුගියදා මාතරට ගිහිල්ලා කියනවා, අපි විදේශ රැකියා බෙදමින් තරුණ තරුණියන් රටේ තියාගන්නේ නැතිව රට යවනව කියලා. බොහොම බරපතල විදිහට චෝදනා කරලා තිබුණා. ඒත්, ඇත්තටම අපිට තිබුණා ඊශ්රායලයෙන්, කොරියාවෙන්, ජපානයෙන් එන රැකියා ටික මම දේශපාලනය කරන ගාල්ල දිස්ත්රික්කයට බෙදාගෙන මේ ස්මාට් බෝඩ් ටික ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් එක් පාසලක් තෝරාගන්නේ නැතිව ගාල්ල දිස්ත්රික්කයේ සියලුම පාසල්වලට දෙන්න. ඒ වගේම පාසල් පොත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශය දෙන බිලියන ගණනක මුදල් ගාල්ලට විතරක් දෙන්න මට පුළුවන්කම තිබුණා. අද පිටරට ගිහින් ආපු අයට දෙන ප්රතිලාභ ගාල්ලට විතරක් දෙන්න පුළුවන්කම තිබුණා. හෙට දවසේ තරුණ තරුණියන් සඳහා පැවැත්වෙන සහ එහිදී වෘත්තීය අධ්යාපනයට ලබාදෙන බිලියන 1.5ක් වටින ශිෂ්යත්ව ගාල්ලට විතරක් දෙන්නත් තිබුණා. ඒ වගේම ශ්රම වාසනා අරමුදල හරහා එක් ප්රාදේශීය ලේකම් කාර්යාලයකින් ළමුන් 500ක් ගාණේ තෝරගෙන ප්රාදේශීය ලේකම් කොට්ඨාස 344ට මේ ලබා දෙන පොත්පත් ගාල්ලට විතරක් දෙන්න තිබුණා.
අපි රට වටේම ගිහින් රස්සා බෙදනවා. ඊශ්රායලයෙන් අලුතෙන් හොයාගෙන ආව රස්සා ටික මාතලෙන් පටන් ගෙන රට වටේම තරුණ තරුණියන්ට බෙදනවා. ලංකාව වටෙන්ම ඇවිත් ඉන්න විදේශ රැකියා නියෝජිත ආයතන හොයාගෙන එන රැකියා ටික මාතලෙන් පටන් ගෙන රට වටේම තරුණ තරුණියන්ට දෙනවා. මේ වැඩසටහන අවසන් වෙනකොට බිලියන 5ක 6ක ප්රතිලාභ අපේ විගමණික ශ්රමිකයින්ගේ සිට රටේ සියලුම ශ්රමික ජනතාවට දෙනවා. අපි කුහක දේශපාලන කයිවාරුකාරයින්ට ඇහුම්කන් දෙන්නේ නැහැ. හැබැයි අපේ මේ දරුවන්ට, තරුණයින්ට ලැබෙන ප්රතිලාභ දැක්කාම, රට ගොඩනැගෙනවා දැක්කාම, රට ගොඩ නැගිලා තරුණ තරුණයින් රට ගිහින් සල්ලි හොයාගෙන ඇවිත් ව්යවසායකයින් බවට පත්වෙලා රටේ ආර්ථික ප්රශ්නය විසඳෙනකොට, ජනාධිපතිවරයා ඊට අවශ්ය නීති රීති ටික හදලා ව්යවස්ථාමය වෙනස්කම් කරලා රටක් විදිහට ගොඩනැගෙනවාට බොහෝ අය කැමති නැහැ. හිඟන්නෝ කැමති නැහැ තුවාල හොඳ වෙනවාට. හිඟන්නෝ කැමති තුවාල හැමදාම තියෙනවාටයි. හිඟන්නෝ කැමති සමාජයේ ප්රශ්න තියෙනවාට, සමාජයේ දුප්පත්කම තියෙනවාට.
රටේ තිස් හතලිස්දාහක් ලක්ෂ 05ක 06ක වැටුප් ලබන රස්සාවලට අපේ තරුණ තරුණියන් යොමු කරලා වරප්රසාද අවම පවුල්වල සමාජිකයින් මේ රට රැකියාවලට යන්න තෝරලා දෙන්න කියලා දිස්ත්රික් ලේකම්වරුන්ට මම කිව්වා. සංවර්ධන නිලධාරීන්ට මම පණිවුඩ යවලා තියෙනවා.
රටේ දුප්පත්කම නැති කරන්න පුළුවන් ප්රධානම ක්රමය එයයි. එහෙම නැතිව මාසෙන් මාසෙට විවිධ දේවල් දෙන එකෙන් දුප්පත්කම නැති කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි රට වටේම කරන්නේ මාළු දෙන එක වෙනුවට ‘බිලී පිති’ දෙන එකයි.
පවුල් ලක්ෂ 24කට ‘අස්වැසුම’ දෙද්දී මේ පවුල්වලින් ලක්ෂ 15කටවත් විදේශ රැකියා දෙන්න මට පුළුවන් වුණොත් විශේෂයෙන්ම පුහුණ ශ්රමිකයින් විදිහට මාසෙකට ඩොලර් 2000ක් 3000ක් ලංකාවට එවන්න පුළුවන්කම ලැබුණොත් කොයිතරම් ගෙවල් ගොඩ යයිද? ගම් ටික ගොඩ යයිද? රට ගොඩ යයිද?
මෙන්න මේකටයි කයිවාරුකාරයෝ විරුද්ධ වෙන්නේ. ඉතින් විෂය භාර ඇමතිවරයා විදිහට මම මේ කටයුත්ත කරනවා. ජනාධිපතිතුමා ඒකට ශක්තිය ලබා දී තිබෙන්නේ එතුමා දුර දකින දැක්මක් තියෙන නායකයෙක් නිසයි. මේ ප්රතිලාභ ජනතාවට ලබාදෙන්න අපි කිසිම ආකාරයකින් පැකිළෙන්නේ නැහැ.
අපේ රට දකුණු ආසියාවේ වේගයෙන්ම සංචාරක සංවර්ධන සිදු වෙන රට බවට පත්ව තිබෙනවා. ලෝකයේ හොඳ ගමනාන්ත දහයෙන් එකක් බවට අපේ රට පත්ව තිබෙනවා. මේ මාස තුනට විතරක් සංචාරකයින් ලක්ෂ හයක් ඇවිත් තියෙනවා. මේ විදිහට සිදු වෙනකොට මාතලේට ඇති වෙන සංවර්ධන ගැන විතරක් හිතන්න. මම දැක්කා ‘විසිට් රත්තොට’ කියලා අලුත් සමාජ මාධ්ය පළකිරීම් තිබෙනවා. මම ඇලහැර පැත්තට රිවස්ටන් පැත්තට වැඩියෙන් යනවා. මොකද අපිත් රස්සාවක් කරන්න එපැයි. මොකද යාළුවො දෙන ඇදුම්වලින් අනුන් දෙන දේවල්වලින් දේශපාලනය කරන්න බැහැනේ. මම ඇලහැර පැත්තේ මගේ නෝනගෙන් ආපු ව්යාපාරය වෙන මැණික් ව්යාපාරය අද වෙනකොට ව්යාපාරිකයෙකු විදිහට කරගෙන යනවා. නැත්තම් අපිටත් වෙන්නේ අනුන්ගේ ඇදුම් අගේට ඇඳගෙන ‘මගේ වගේ’ යනවා කියන්න තමයි.
තේ කඩයක්වත් කළේ නැත්තම් අමාත්යාංශයක් රටක් කරන්න බැහැ.
මේ ආර්ථිකය ක්රමානුකූලව හැදෙන වෙලාවක තරුණ තරුණියන්ගේ ජීවිත උගස් තියලා රට ආපස්සට අදින්න උත්සහ කරනකොට ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ. මොකද මළමිනී උඩින් හෝ දේශපාලනය කරන්න උත්සාහ කරන අයට ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ.
මේක කුහක අවස්ථාවාදී, දේශපාලනයක් කරන්න ඕනේ වෙලාවක් නෙමෙයි මේක. මේක පාට, පක්ෂ කරන්න සුදුසු වෙලාවක් නෙමෙයි. මේ වෙලාවේ අපිට තියෙන්නේ ස්මාට් චින්තනයක්. මුඛ පරම්පරාව සෙල් ලිපියට, පුස්කොලයට අරන් ඇවිත්, මිනිස් ඉතිහාසයේ ස්මාට් විප්ලවයක් කරේ මේ මාතලේ අළු විහාරයෙදි. එතැනින් පටන් ගත්ත මාතලේට අලුත් ස්මාට් විප්ලව පටන්ගන්න එක අමාරු වෙන්නේ නැහැ. මේ සමාජවාදය ධනවාදය ඇතුළු නොයෙක් වාද ලෝකයේ හැම තැනකම ක්රියාත්මක වෙනවා. හැබැයි ඒත්, අපිට අවශ්ය වෙන්නේ ලෝකයෙන් ගෙනාපු මතවාද නෙමෙයි. අපිට අවශ්ය වෙන්නේ අපේ රට වැටුණු තැනින් ගොඩ නගන සියලුදෙනා එකට එකතු වෙලා මේ රට ගොඩ නගන වැඩපිළිවෙළයි. ඒකට දේශපාලන පක්ෂ ප්රතිපත්තියක් නැහැ. අපිට තියෙන්නේ රට ගැන ප්රතිපත්තියක් විතරයි. මේ දේශපාලන ක්රියාදාමයේදී රට කියන තැන විතරයි අපිට තියෙන්නේ. ඒ නිසයි බය නැතිව රාජ්ය නිලධාරීන් තියාගෙන මේ ගමන යන්නේ. අපිට තියෙන්නේ රටේ ගමන විතරයි. පාට පක්ෂ දේශපාලනයක් නෙමෙයි.
ස්මාට්කම කියන්නෙ අනුන්ගෙ කලිසම් ඇදගෙන කයිවාරු ගහන එක නෙවෙයි. මොන තරම් උජාරුවට ඇදගෙන කයිවාරු ගැහුවත් ඒවා අනුන්ගෙ කලිසම් නම් වැඩක් නැහැ. කලිසම් හැළුණත් රටේ ආර්ථිකය වැටෙන්න දෙන්නේ නැත්නම්, අත්පුඩි ගහන්න බැරි වුණත් ඩොලරය ශක්තිමත් කරන්න පුළුවන් නම්, මිනිස්සුන්ට පිටට තට්ටු කරලා කතා කරන්න දන්නේ නැති වුණත් රටේ මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න පුළුවන් රටේ ආර්ථිකය ගොඩ නගන්න පුළුවන් නම් ඒක තමයි ස්මාට් අරගලය. අපිට පක්ෂයක් නැහැ. අපිට තියෙන්නේ රටක්. එතැනටයි අපි ගොඩ නැගෙන්නේ.
මේ අමාත්යාංශය භාරගෙන අද වෙනකොට රට තුළට ඩොලර් බිලියන 10ක මුදලක් විදේශගත ශ්රමිකයින් එකක් ගෙන එන්න අපිට හැකියාව ලැබුණා. ඩොලර් මිලියන 500ක් ගෙන එන්න කියලා පටන් ගත්ත අපිට අද වෙනකොට ඩොලර් බිලියන 10ක් ගෙන එන්න හැකියාව ලැබුණා.” යැයි අමාත්යවරයා ප්රකාශ කළේය.

The post හිඟන්නො කැමති නැහැ තුවාල හොඳ වෙනවාට appeared first on ITN News.

You may also like

- adaderana.lk

The 22nd ASEAN Regional Forum (ARF) Inter-Sessional Meeting on Disaster Relief was held virtually earlier this week, hosted by Vietnam and co-chaired by Bangladesh, Sri Lanka and Vietnam, and attended by 55 participants from ARF member countries.

- onlanka.com

The National Water Supply & Drainage Board (NWSDB) has announced that a 14-hour water cut will be implemented in several areas of the Colombo District starting from Saturday evening (April 27).The post Multiple areas in Colombo district to experience 14-hour water cut today appeared first on Sri Lanka Breaking News | Latest News | ONLANKA.

- adaderana.lk

US Defense Secretary Lloyd Austin announced on Friday a $6 billion long-term military aid package for Ukraine  the largest to date  which will allow the US to purchase new equipment produced by the American defense industry for the Ukrainian military.

- colombogazette.com

By Easwaran Rutnam The Sri Lanka labour court ruled against the BBC for prematurely terminating the contract of top journalist Azzam Ameen.  Issuing a judgement, the Labour Court ruled that ending the contract of BBC Sri Lanka correspondent Azzam Ameen was unreasonable and unjustifiable. Accordingly, the judge ordered the BBC to pay compensation to the […]

- island.lk

The Pentagon says it will “rush” Patriot air defence missiles and artillery ammunition to Ukraine as part of its new military aid package. The US will utilise $6bn (£4.8bn) for this purpose, Defence Secretary Lloyd Austin revealed on Friday. Patriot air defence batteries are not included. Ukrainian President Volodymyr Zelensky said Patriots were “urgently” needed […]

- island.lk

Weather forecast issued at 05.30 a.m. on 27 April 2024 by the Department of Meteorology Misty conditions can be expected at some places in Western, Sabaragamuwa, Central and Uva provinces during the morning. Showers or thundershowers may occur at a few places over the coastal areas from Galle to Hambantota via Matara during the morning […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc