ඇෆ්ගනිස්තානයේ කන්දහාර් නගරයට එල්ල වූ බෝම්බ ප්රහාරයකින් 21ක් ජිවිතක්ෂයට
ඇෆ්ගනිස්තානයේ කන්දහාර් නගරයට එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයෙන් පුද්ගලයින් 21ක් දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.
කන්දහාර් නගර මධ්යයේ පිහිටා ඇති බැංකුවක් ඉලක්ක කර ගනිමිනුයි මෙම බෝම්බ ප්රහාරය එල්ල වී ඇත්තේ.
ප්රහාරයෙන් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ද සදහන්. ප්රහාරයේ වගකිම අයි එස් ත්රස්තවාදීන් භාරගෙන තිබෙනවා.
කෙසේ වුව ද තමන් ප්රහාරය එල්ල කළේ
තලෙයිබාන් සංවිධානයේ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් බවයි අයි එස් ත්රස්ත කණ්ඩායම නිවේදනය කරන්නේ.
තලෙයිබාන් සාමාජිකයන් 150ක් පමණ රැදි සිටි ස්ථානයක දී මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරය සිදුකළ බව ද ඔවුන් පවසනවා.
මෙම වසර තුළ දී ඇෆ්ගනිස්තානයේ සිදු වු විශාලතම බෝම්බ ප්රහාරය මෙය ලෙස ද සැලකෙනවා.
The post ඇෆ්ගනිස්තානයේ කන්දහාර් නගරයට එල්ල වූ බෝම්බ ප්රහාරයකින් 21ක් ජිවිතක්ෂයට appeared first on ITN News.