ශ්රී ලංකාව සමඟ පවතින සබඳතා ශක්තිමත් කරන බවට චීනයෙන් ප්රකාශයක්
ශ්රී ලංකාව සමග පවතින උපායමාර්ගික හවුල්කාරිත්වය අඛණ්ඩ ප්රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව චීනය පවසනවා.
චීන විදේශ අමාත්යාංශ ප්රකාශක Lin Jian මහතා අද පැවති මාධ්ය හමුවේදී මේ බව ප්රකාශ කළා.
ශ්රී ලංකා අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ එළඹෙන චීන සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් Lin Jian මහතා පැවසුවේ, මෑත වසරවල දී දෙරටේ ඉහළ පෙළේ සම්බන්ධතා ශක්තිමත් වී ඇති අතර විවිධ ක්ෂේත්රවල සහයෝගිතා ක්රමයෙන් පුළුල් වී ඇති බවයි.
චීන-ශ්රී ලංකා සබඳතාව චීනය ඉතා වැදගත් කොට සලකන බවත් ශ්රී ලංකාව සමඟ එක්ව උසස් ගුණාත්මකභාවයෙන් යුතුව “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ඒකාබද්ධව ක්රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් චීන විදේශ අමාත්යාංශ ප්රකාශක කියාසිටියා
The post ශ්රී ලංකාව සමඟ පවතින සබඳතා ශක්තිමත් කරන බවට චීනයෙන් ප්රකාශයක් appeared first on ITN News.