වෙළෙඳ භාණ්ඩ අපනයනයේ වර්ධනයක්
2024 පෙබරවාරි මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයනයේ සුළු වර්ධනයක් සිදුව ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙනවා.
වෙළෙඳ භාණ්ඩ අපනයනය අමෙරිකානු ඩොලර් මිලියන 983.7ක් වූ අතර, එය 2023 පෙබරවාරි මාසයට සාපේක්ෂව 0.17%ක සාමාන්ය වර්ධනයක් වාර්තා කර තිබෙනවා.
එමෙන්ම 2024 පෙබරවාරි මාසයේ අපනයන කාර්ය සාධනය, 2024 ජනවාරි මාසයට සාපේක්ෂව 1.3% කින් වැඩි වී ඇති බව ද අපනයන සංවර්ධන මණ්ඩලය නිවේදනය කරනවා.
2023 පෙබරවාරි මාසයට සාපේක්ෂව, කෘෂිකාර්මික අපනයන 11.82%ක සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළ අතර, අමෙරිකානු ඩොලර් මිලියන 255.76 දක්වා ළඟා වී තිබෙනවා.
The post වෙළෙඳ භාණ්ඩ අපනයනයේ වර්ධනයක් appeared first on ITN News.