විදේශීය පුද්ගලයින්ට ශ්රී ලංකාවේ රියදුරු බලපත්රයක් ගුවන් තොටුපොළේදීම අයදුම් කිරීමේ අවස්ථාව
ශ්රී ලංකාවේ රියදුරු බලපත්රයක් ලබා ගැනීමට අපේක්ෂා කරන විදේශීය පුද්ගලයින්ට සෘජුවම ගුවන් තොටුපොළේ දී ඒ සඳහා අයදුම් කිරීමේ පහසුව පවති.
ඒ 2024 අප්රේල් 15 වන දින සිට ය.
ඒ බව ප්රවාහන රාජ්ය අමාත්ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ ය.
ගුවන් තොටුපළෙන් පිටවීමත් සමඟ ඔවුන්ගේ රියදුරු බලපත්රය කඩිනමින් සහ කාර්යක්ෂමව ලබා ගැනීමට එමඟින් හැකියාව සැලසෙනු ඇත.
කෙසේ වෙතත්, වාර්තා වන්නේ රියදුරු බලපත්රයක් ලබා ගැනීම සඳහා විදේශිකයන්ගෙන් මාසයකට USD 25ක මුදලක්ද, මාස තුනකට USD 50ක මුදලක් ද, මාස හයකට USD 75ක මුදලක්ද වසරක් හෝ ඊට වැඩි කාලයක් සඳහා USD 200ක් ද අය කෙරෙන බව ය.
The post විදේශීය පුද්ගලයින්ට ශ්රී ලංකාවේ රියදුරු බලපත්රයක් ගුවන් තොටුපොළේදීම අයදුම් කිරීමේ අවස්ථාව appeared first on ITN News.