තැඹිලි මිල ඉහළ නගී
වෙළදපොල තුළ තැඹිලි මිල ඉහළ ගොස් තිබෙනවා.
මෙම මිල ඉහළ යාමට හේතුව තැඹිලි ඵලදාව අඩුවීම සහ ඉල්ලුම වැඩිවීම බවයි වෙළදුන් පවසන්නේ.
ඒ අනුව, රුපියල් 100ත් 150ත් අතර පැවති තැඹිලි ගෙඩියක් මේ වනවිට රුපියල් 180ත් 250ත් අතර මිලකට අලෙවි වන බවයි ඔවුන් පවසන්නේ.
එමෙන්ම, මේ දිනවල කුරුම්බා ඉල්ලුම ද ඉහළ ගොස් ඇති බව වෙළෙන්දන් කියා සිටියා.
කෙසේ වෙතත්, පවතින උණුසුම් කාලගුණික තත්ත්වයත් සමඟ පාරිභෝගිකයින් කුරුම්බා පානය කිරීමට ද පෙළඹී ඇති බව වාර්තා වනවා.
The post තැඹිලි මිල ඉහළ නගී appeared first on ITN News.