How can Sri Lankan charities find international donors and partners?

මුඛ සෞඛ්ය ආරක්ෂා කර ගැනීම පිළිබදව දැනුවත්කිරීම පෙර පාසලේ සිටම ආරම්භ විය යුතුයි – සෞඛ්ය ඇමති

- itnnews.lk

ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 12% කට එකම දතක්වත් නැති බවත්, එය විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන බවත්, දත් ආරක්ෂා කර ගැනීම, මුඛ සෞඛ්ය ආරක්ෂා කර ගැනීම පිළිබදව දැනුවත්කිරීම පෙර පාසලේ සිටම ආරම්භ විය යුතු බව සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

අමාත්යවරයා මේ බව අවධාරණය කරන ලද්දේ “සතුටු මුවයි-සුවැති සිරුරයි” යන්න තේමා කර ගනිමින් ලෝක මුඛ සෞඛ්ය දිනය වෙනුවෙන් ඊයේ (22) ගාල්ල සමනල ක්රීඩාංගනයේදී පැවති විශේෂ උත්සවයකට සහභාගි වෙමිණි.

ලෝක මුඛ සෞඛ්ය දිනයට සමගාමීව සෞඛ්ය අමාත්යාංශය, ශ්රී ලංකා දන්ත වෛද්ය සංගමය, යුනිලීවර් සමාගම එක්ව සංවිධානය කරන ලද මෙම විශේෂ දන්ත කදවුර මගින් ගාල්ල දිස්ත්රික්කයේ පාසල් දරුවන් 2000 අධික පිරිසකගේ මුඛ සෞඛ්ය පරීක්ෂාව හා මුඛ සෞඛ්ය පිළිබද පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීමට සැලසුම් කර තිබිණ .

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්යවරයා කියා සිටියේ …….
අද මෙම වැඩසටහන ගාලු දිස්ත්රික්කයෙන් ආරම්භ කර මේ පලාතේ පාසල් දරුවන් 2000 කගේ මුඛ සෞඛ්ය තත්වය අද නිරීක්ෂණය කරන බවත් , ඊට සමගාමීව පෙර පාසල් ගුරුවරුන්ද මුඛ සෞඛ්ය පිළිබද දැනුවත් කරන බවයි.

පෙර පාසල් ගුරු අධ්යාපනය හරහා දරුවන්ගේ හොඳ මුඛ සෞඛ්ය තත්වයක් පවත්වාගෙන යාමට මෙම දැනුවත් කිරීම ඉතා වැදගත් වන බැවින් එයට ගෞරවණීය ස්තුතිය පුද කර සිටින බවයි.

ශ්රී ලංකාවේ ප්රමුඛතම රෝගය බවට දන්ත රෝගය පත්ව තිබෙන බව වෛද්යවරුන් මෙම ස්ථානයේදී හෙලි කල බවත්, දරුවන් හා මැදිවියේ වයස් ගත වන ජනගහනය අතරෙත් මේ දන්ත රෝග නිසා විශාල පීඩාවකට ලක් වන බවත් ප්රකාශ කර සිටියේය..

ජීවිතයේ මුල් කාලයේ සිට අවසාන කාලය දක්වාම මනා දන්ත සෞඛ්ය තත්වයක් පවත්වාගෙන යාම ඉතාම වැදගත් කාරණයක් බව පෙන්වා දුන් අමාත්යවරයා මුඛ පිලිකා වලින් ලංකාවේ විශාල පිරිසක් දුක්විදින බවද පැවසීය.

විශාල මුදලක් රජය විදිහටත්, පුද්ගලයන් විදිහටත් ඊට වැය කරන බවත්, ජනතාව දැනුවත් කිරීම ඉතා කාලෝචිත ක්රියාවක් බවද පැවසීය.

බුලත්විට සැපීම හරහා දුම්කොළ, හුණු, පුවක් වල තිබෙන යම් යම් පිළිකා කාරක ද්රව්යය අවගේ සෞඛ්ය පද්ධතියට අති විශාල හානියක් සිදුකරන බව පෙන්වා දුන් අමාත්යවරයා අයහපත් සිරිත් වලින් බැහැර වී යහපත් පුරුදු ඇති කර ගන්නට මෙවැනි වැඩමුළු ඉතා වැදගත් වන බවත් දරුවන් කුඩා කාලයේ සිටම දැනුවත් කිරීම ද, ඉතාම වැදගත් බවද පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට ශ්රී ලංකා දන්ත වෛද්ය සංගමයේ සභාපති මහාචාර්ය හේමන්ත අමරසිංහ, ලේකම් වෛද්ය විපුල වික්රමසිංහ, ලෝක මුඛ සෞඛය දින අනු කම්ටුවේ සභාපති විශේෂඥ වෛද්ය නිලන්ත රත්නායක, පේරාදෙණිය දන්ත වෛද්ය පීඨයේ මහාචාර්ය ශ්යාමා වන්නිනායක, ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ වෛද්ය ආනන්ද රත්නායක , යුනිලීවර් සමාගමේ අලෙවි අධ්යක්ෂ ශමාරා සිල්වා යන මහත්ම මහත්මීන්ද , පෙර පාසල් ගුරුවරුන්, පාසල් දරුවන් , ප්රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි විය.

The post මුඛ සෞඛ්ය ආරක්ෂා කර ගැනීම පිළිබදව දැනුවත්කිරීම පෙර පාසලේ සිටම ආරම්භ විය යුතුයි – සෞඛ්ය ඇමති appeared first on ITN News.

You may also like

- colombotelegraph.com

[…]The post A Season Of Fun & Frolic; Every Pantaloon Is Running Loose appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post American Chaos, Modi’s Heatwave & Ranil As Common Government Candidate appeared first on Colombo Telegraph.

- adaderana.lk

An ammunition explosion at a base in southwestern Cambodia on Saturday afternoon killed 20 soldiers and wounded several others, Prime Minister Hun Manet said.

- adaderana.lk

President Ranil Wickremesinghe emphasized the government s aim to create a highly competitive, export-oriented economy based on market economy, expressing full faith in the business community of the country.

- adaderana.lk

The Indian Government on Saturday said it has allowed exports of 99,500 tonnes of onions, mainly sourced from Maharashtra, to six neighbouring countries despite the ban on shipments.

- adaderana.lk

The Ministry of Education says that the cabinet memorandum submitted regarding the removal of salary disparities and allowances of the non-academic staff of state universities will be submitted to the ministerial sub-committee.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc