ශ්රී ලංකා බෞද්ධ අධ්යයන සංගමයේ 07 වන ජාත්යන්තර සම්මේලනය ඇරඹෙයි
ශ්රී ලංකා බෞද්ධ අධ්යයන සංගමයේ 07 වන ජාත්යන්තර සම්මේලනය ඊයේ ආරම්භ වුණා.
සම්මන්ත්රණය පැවැත්වෙන්නේ මානෙල්වත්ත නාගානන්ද ජාත්යන්තර බෞද්ධ විශ්වවිද්යාලයේදීයී.
බෞද්ධ අධ්යයන සංගමය යනු මෙරට බෞද්ධ අධ්යයන ක්ෂේත්රයේ විද්වතුන් නියෝජනය කරන එකම වෘත්තීය හා අධ්යයන ඒකකයයි.
දෙස් විදෙස් පර්යේෂකයින්ගේ පත්රිකා ඉදිරිපත් කරමින් හෙට දක්වා දින තුනක් පුරා එම සම්මේලනය ක්රියාත්මකයි.
ඉන්දියාව, චීනය, ඇමෙරිකා එක්සත් ජනපදය, තායිවානය ආදී රටවල් රැසක විද්වතුන් ඊට එක්ව සිටිනවා.
The post ශ්රී ලංකා බෞද්ධ අධ්යයන සංගමයේ 07 වන ජාත්යන්තර සම්මේලනය ඇරඹෙයි appeared first on ITN News.