ඩොලර් ට්රිලියන 1.2ක වියදම් පැකේජයට ඇමෙරිකා සෙනෙට් සභාවේ අනුමැතිය
ලබන සැප්තැම්බර් මාසය දක්වා ඇමෙරිකා රජයට අරමුදල් සපයන ඩොලර් ට්රිලියන 1.2ක වියදම් පැකේජයකට එරට සෙනෙට් සභාව එකඟතාව පළ කළා.
ඊයේ මධ්යම රාත්රිය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තිබියදී මෙය අනුමත වීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් එහි සංශෝධන මාලාවක් ඇතුළත්ව තිබුණා.
ඊට ජනාධිපති ජෝ බයිඩ්න් අද සිය අත්සන යොදා සහතික කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් මෙමගින් ඇමෙරිකාවෙ ප්රධාන පක්ෂ දෙක අතර මාස ගණනාවක් පුරා පැවති ගැටුම්කාරී තත්ත්වය අවසන් වනු ඇති.
The post ඩොලර් ට්රිලියන 1.2ක වියදම් පැකේජයට ඇමෙරිකා සෙනෙට් සභාවේ අනුමැතිය appeared first on ITN News.