යල කන්නයේ වී මිල දී ගන්න මිලියන 7500ක් වෙන් කරයි
රටට අවශ්ය සහල් පසුගිය වසරේ වී ගොවිතැනින් ලැබී ඇති බව අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා.
වවුනියාවේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්යවරයා මේ බව කියා සිටියා.
වවුනියාව ප්රදේශයේ ඉදිකෙරුණු දෙමුහුන් බඩ ඉරිගු බීජ ගබඩා මධ්යස්ථානය අමාත්ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත කෙරුණා.
පූවරසන්කුලම හා නෙළුකුලම යන ප්රදේශවල දෙමුහුන් බඩ ඉරිගු වගාව නිරීක්ෂණය කළ අමාත්යවරයා බීජ නිෂ්පාදන හා ගබඩා කර තැබීමේ මධ්යස්ථානයේ කටයුතු ද සොයා බැලීමට පියවර ගනු ලැබුවේ.
The post යල කන්නයේ වී මිල දී ගන්න මිලියන 7500ක් වෙන් කරයි appeared first on ITN News.