ශ්රී ලංකාව ලකුණු 211ක් ඉදිරියෙන්
ශ්රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවන දිනය අදයි.දිනය නිමා වන විට දෙවනි ඉනිම ක්රීඩා කර ශ්රී ලංකා කණ්ඩායම කඩුළු 05 ක් දැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්යාව 119 ක්.
බංග්ලාදේශයේ සිල්හෙට් ක්රීඩාංගනයේ පැවැත්වෙන පලමු ටෙස්ට් ක්රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්රි ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කර ගත් ලකුණු සංඛ්යාව 280ක්.
එහිදී කමිදු මෙණ්ඩිස් හා ධනංජය සිල්වා ශතක රැස් කිරීමට සමත් වුණා.
බංග්ලාදේශ පළමු ඉනිම ආරම්භයේ සිටම තම ග්රහණය දැඩි කළ ශ්රී ලංකා වේගපන්දු බලඇණිය මුල්පෙල පිතිකරුවන් අඩු ලකුණු සංඛ්යාවකට දවා ගනිමින් බංග්ලාදේශ ඉනිමට දැඩි බලපෑමක් එල්ල කළා.
බංග්ලාදේශ සියලු දෙනා දැවී පළමු ඉනිම වෙනුවෙන් රැස් කළේ ලකුණු 188 ක් පමණයි.
විශ්ව ප්රනාන්දු කඩුළු 04 ක් ද කසුන් රාජිත හා ලහිරු කුමාර කඩුලු 03 බැගින් ද දවා ගැනීමට සමත් වුණා.
අනතුරුව ලකුණු 92ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිම ඇරඹූ ශ්රී ලංකා පිල දෙවන දිනය නිමා වනවිට කඩුලු 5ක් දැවී ලකුණු 119ක් රැස්කර ගනිමින් ලකුණු 211ක් ඉදිරියෙන් පසුවෙයි.
The post ශ්රී ලංකාව ලකුණු 211ක් ඉදිරියෙන් appeared first on ITN News.