උතුරු පළාත් සභාව නිර්මාණය කළ “Farm to Gate” වෙබ් අඩවිය එළිදැක්වේ
උතුරු පළාත් සභාව නිර්මාණය කළ ෆාම් ටු ගේට් වෙබ් අඩවිය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතින් විවෘත කෙරුණා.
උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් පාලන කොමසාරිස් කාර්යාලය ඇතුලු රාජ්ය ආයතන කිහිපයක මැදිහත්වීමෙනුයි මෙම වෙබ් අඩවිය නිර්මාණය කෙරුණේ.
උතුරු පළාතේ කෘෂි නිෂ්පාදන අවශ්යතා පිළිබද සියලු තොරතුරු මෙහි ඇතුලත් වන අතර ව්යාපාරිකයින්ට හා පාරිභෝගික ජනතාවට පවත්නා මිල ගණන් යටතේ කෘෂි නිෂ්පාදන මිල දී ගැනීමට ද මෙය උපකාරි වනවා.
නව වෙබ් අඩවිය විවෘත කළ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එහි ලියාපදිංචි වු පිරිස් සදහා සහතික පත් ප්රධානය කිරීමට ද එක්වුණා.
The post උතුරු පළාත් සභාව නිර්මාණය කළ “Farm to Gate” වෙබ් අඩවිය එළිදැක්වේ appeared first on ITN News.