ශ්රී ලංකා නීතිඥ සංගමයේ නව නිලධාරී මණ්ඩලය පත් කෙරේ
ශ්රී ලංකා නීතිඥ සංගමයේ 50 වන වාර්ෂික සමුළුවට සමගාමීව නව නිලධාරී මණ්ඩලය පත් කිරීම හා ඔවුන් හදුන්වාදීම ශ්රී ජයවර්ධනපුර කෝට්ටේදී සිදු කෙරුණා.
ශ්රී ලංකා නීතිඥ සංගමයේ 2024 -2025 වර්ෂය සදහා සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කෞෂල්ය නවරත්න මහතා පත් කෙරුණා. ලේකම් ලෙස නීතිඥ චතුර ගල්හේන මහතා ද භාණ්ඩාගාරික ලෙස නීතිඥ චමත් ජයසේකර මහතා ද පත් කර තිබෙනවා.
මෙම තනතුරු සදහා ඔවුන් පත්ව ඇත්තේ ඒකමතිකවයි. ශ්රී ලංකා නීතිඥ සංගමයේ 50 වන සංවත්සරය වෙනුවෙන් රුපියල් 50 ක් වටිනා සමරු මුද්දරයක් සහිත මුල්දින කවරයක් නිකුත් කිරීම අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරුණා.
අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
The post ශ්රී ලංකා නීතිඥ සංගමයේ නව නිලධාරී මණ්ඩලය පත් කෙරේ appeared first on ITN News.