අගමැති හෙට චීනයට යයි
අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා නිල සංචාරයක් සඳහා එළඹෙන සඳුදා (25) චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබෙනවා. චීන අග්රාමාත්ය Li Qiang මහතාගේ ආරාධනයකට අනුවයි අග්රාමාත්යවරයා එම සංචාරයේ නිරත වන්නේ. අග්රාමාත්යවරයා මාර්තු 25 සිට 30 දක්වා චීන සංචාරයේ නිරත වන බව විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා. එහිදී අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අතර විශේෂ හමුවක් ද පැවැත්වීමට නියමිතය.
The post අගමැති හෙට චීනයට යයි appeared first on ITN News.