වනඅලි ප්රහාරයකින් පුද්ගලයකු ජීවිතක්ෂයට
තණමල්විල ප්රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් බෝදාගම ප්රදේශයේ දී එල්ල වූ වනඅලි ප්රහාරයකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
ඉඩමට පැමිණ භව භෝග විනාශ කරමින් සිටි වන අලියෙකුපන්නා දැමීමට ගිය පුද්ගලයකුටයි එම වනඅලියා විසින් පහර දී තිබෙන්නේ.
පුද්ගලයා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් වී ඇති අතර මිය ගොස් ඇත්තේ බෝදාගම ප්රදේශයේ ම පදිංචි වයස අවුරුදු 52ක් වන දෙදරු පියෙකි.
දීර්ඝකායක සිට මෙම ගම්මානයට වනඅලි තර්ජනය උග්ර ලෙස පවතින අතර මෙම වනඅලි ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙස ප්රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.
The post වනඅලි ප්රහාරයකින් පුද්ගලයකු ජීවිතක්ෂයට appeared first on ITN News.