හැටන් ශ්රී මාණික්ක පිල්ලේයාර්කෝවිලේ දෙවියන්ගේ තෙල් ගාන්න මිටර් 500 ක පෝලිමක්
හැටන් ශ්රිමාණික්ක පිල්ලේයාර් හිංදු කෝවිලේ කුම්භාභිෂේක උත්සවය නිමිති කර ගෙන එම කෝවිලේ දේව ප්රථිමාවල තෙල් ආලේපය කිරිම සඳහා විශාල පිරිසක් එක්ව සිටියා.
පසු ගිය දින දෙක පුරාවට මධ්යම කඳුකරයේ විවිධ ප්රදේශවල සිට දේව ප්රථිමාවල තෙල් ආලේප කිරිම සඳහා බැතිමතුන් විශාල පිරිසක් පැමිනිමත් සමඟ එම කෝවිලේ සිට මිටර් පන් සියයකට අධික දුරකට තම වාරය පැමිනෙන තෙක් පොලිම්වල රැඳී සිටිමට එම බැතිමතුන්ට සිදු වුණා.
එසේ පොලිම්වල රැඳී සිටින බැතිමතුන්ගේ විඩාව සංසිදුවිම සඳහා පානය කිරිමට කිරි ලබා දිමටද සංවිධායක මණ්ඩලය විසින් පියවර ගෙන තිබුනි.
The post හැටන් ශ්රී මාණික්ක පිල්ලේයාර්කෝවිලේ දෙවියන්ගේ තෙල් ගාන්න මිටර් 500 ක පෝලිමක් appeared first on ITN News.