‘සුව උදාන’ ජංගම සෞඛ්ය සායනයෙන් සිදුවන සේවාව අති විශාලයි – සෞඛ්ය ඇමති
බෝ නොවන රෝග වල යම් වර්ධනයක් අප රට තුල පෙන්නුම් කරන හෙයින් එවැනි රෝගීන් හඳුනා ගැනීම , ඉදිරි ප්රතිකාර සඳහා රජයේ රෝහල් වලට යොමු කිරීමට සෞඛ්ය අමාත්යාංශය මෙවැනි ජංගම සායන පවත්වන බවත්, මෙවැනි ජංගම සායන තුලින් සිදුවන සේවාව අති විශාල බව සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ අවධාරනය කරයි.
අමාත්යවරයා මේබව අවධාරනය කරන ලද්දේ ඊයේ (23) පෙරවරුවේ ගාල්ල, යක්කලමුල්ල නබදව ශ්රී සුමංගල මහා විද්යාලයේ පැවැත්වෙන “සුව උදාන” ජංගම සෞඛ්ය සායන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින්.
ගමින් ගමට ගොස් ජනතා සුව සෙත සලසන “සුව උදාන” ජංගම සෞඛ්ය සායන වැඩසටහන් මාලාවේ මේ වර්ෂය තුළ පවත්වන 14 වන ජංගම සෞඛ්ය සායනය මෙය වේ .
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්යවරයා කියා සිටියේ මව්වරුන්ගේ ,දරුවන්ගේ සෞඛ්ය සංරක්ෂණය අතින් ලෝකයේ ඉහලම මට්ටමක තිබෙන රටක් බවට මේවන විට ශ්රී ලංකාව පත්ව තිබෙන බවයි.
සෞඛ්ය සම්පන්න බව නොමැතිව අපි වසර 80 ක් ජීවත් පලක් නොමැති බව පෙන්වා දුන් අමාත්යවරයා සෞඛ්ය සම්පන්ව ජීවත් වීමේ අවශ්යතාවයද පැහැදීලි කළා.
එමෙන්ම ගාල්ල ,කරාපිටිය ශික්ෂණ රෝහලේ මේවන විට සිදු කරන සංවර්ධනයත් සමඟ එලබෙන 2025 වර්ෂයේදී සිට කිසිදු නේවාසික ප්රතිකාර රෝගියෙක් ඇදක් නොමැතිව බිම නිදා ගැනීමට සිදු නොවන බවත්, කරාපිටිය ශික්ෂණ රෝහල සංවර්ධනය කරනවා සේම ගාල්ල දිස්ත්රික්කයේ සියලුම රොහල් සංවර්ධනය කිරීමටත් පියවර ගෙන තිබෙන බවද පැවසුවා.
මෙම ජංගම සෞඛ්ය සායනය මගින්, දන්ත සායනය, ජංගම රසායානාගාර සේවා, අක්ෂි සායනය, රුධිරයේ සීනි මට්ටම පරික්ෂාව, රුධිරයේ මේද මට්ටම පරීක්ෂාව, ශරීර ස්කන්ධ දේහ දර්ශකය මැනීම, රුධිර පිඩනය මැනීම, සුවනාරි සායනය, ආයුර්වේද සායනය, වකුගඩු සායනය, බෝ නොවන රෝග පිළිබද සායනය , සර්වාංග සායනය, ආයුර්වේද සායනය, සහ චීන කටු චිකිත්සාව ඇතුලු බොහෝ සෞඛය සේවාවන් සපයයි.
ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල , මහමෝදර ශික්ෂණ රෝහල , කොළඹ ජාතික රෝහල, ගාල්ල ප්රාදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂ කාර්යාලය ,දකුණු පලාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව, මෙන්ම කොළඹ ජාතික අක්ෂි රෝහල නියෝජනය කරමින් විශේෂඥ වෛද්යවරුන් , වෛද්යවරුන් , හෙද හෙදියන්, පරිපූරක හා අතුරු වෛද්ය සේවාවට අයත් හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ මෙන්ම යක්කලමුල්ල සෞඛ්ය වෛද්ය නිළධාරී කාර්යාලයේ වෛද්යවරුන්,හෙදියන් එකසිය පනහකට අධික කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයකින් පැවැත්වෙන මෙම සායනයෙන් ප්රථිකාර සේවාවන් ලබාගැනිම සඳහා වත්තහේන, වකෝගල, කරාගොඩ, මොරකැටිය, මලන්දෙනිය, උඩුමලගල්ල, මාකුඹුර, පත්තාර, තෙල්ලඹුර, නාකියාදෙනිය, වැනි ගම්මාන වල විශාල ජනතාවක් සහභාගී වී සිටියා.
මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ඉසුරු දොඩන්ගොඩ, යක්කලමුල්ල නබදව ශ්රී සුමංගල මහා විද්යාලයේ විදුහල්පති ජී.කේ.එම්. අනිල්, සෞඛ්ය අමාත්යංශයේ ජ්යෙෂ්ඨ සහකාර ලේකම් (ප්රවෘත්ති හා ප්රචාරණ) යු.ඒ.එච්.එස් සිසිර කුමාර, යන මහත්වරුන්, විශේෂඥ වෛද්ය, වෛද්ය, හෙද ඇතුලු සෞඛ්ය කාර්යමණ්ඩල, ප්රජා සංවිධාන නියෝජිතයින්, ප්රාදේශීය දේශපාලන නායකයින්ද එක්ව සිටියා.
The post ‘සුව උදාන’ ජංගම සෞඛ්ය සායනයෙන් සිදුවන සේවාව අති විශාලයි – සෞඛ්ය ඇමති appeared first on ITN News.