ප්රාථමික ශ්රේණිවල සියලු දරුවන්ට අද සිට ප්රධාන ආහාර වේලක්
දිවයිනේ 1- 5 දක්වා ශ්රේණිවල සියලු ම පාසල් දරුවන්ට අද (25) දිනයේ සිට පාසලේ දී ප්රධාන ආහාර වේලක් ලබා දීමට අධ්යාපන අමාත්යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන සිසුන් අධ්යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් හා අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතාගේ සහභාගිත්වයෙන් නාරාහේන්පිට සුජාතා බාලිකා විද්යාලයේදී මෙම පාසල් ආහාර වැඩසටහනේ ප්රධාන උත්සවය අද (25) පැවැත්වෙන අතර, ඊට සමගාමීව පළාත් මට්ටමින් ද සමාරම්භක වැඩසටහන් දිවයින පුරා පැවැත්වේ.
මෙම වැඩසටහන තුළින් නිරෝගී ක්රියාශීලී දරු පරපුරක් යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්රියාත්මක පාසල් ආහාර වැඩසටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්ය පුරුදු වර්ධනය කිරීම, අධ්යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම යන මූලික අරමුණු හතර ඉටු කරගැනීමට අපේක්ෂිතයි.
මෙම පෝෂණ වැඩසටහනට අවශ්ය ආහාර වර්ග ප්රධාන දේශීය සැපයුම්කරුවන් විසින් සපයනු ලබන අතර එය ඍජු හා වක්ර නව රැකියා උත්පාදනය ඔස්සේ මෙරට නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට ද දායකවීමකි.
The post ප්රාථමික ශ්රේණිවල සියලු දරුවන්ට අද සිට ප්රධාන ආහාර වේලක් appeared first on ITN News.