සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් බව කියන පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොටහේන සහ බොරැල්ල යන ප්රදේශවලදීයි.
ඊයේ (24) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත කොටහේන පොලිස් වසමේ සුමිත්රාරාම ප්රදේශයේදී වැටලීමක් සිදුකර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයස අවුරුදු 35ක් වන සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ අයිස් මත්ද්රව්ය ග්රෑම් 04යි මිලිග්රෑම් 168ක් ද තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
එමෙන්ම බොරැල්ල, සිරිසර උයන මහල් නිවාසය අසලදීද ඊයේ (24) පස්වරුවේ සිදුකළ වැටලීමකදී වයස අවුරුදු 38ක් වන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බොරැල්ල ප්රදේශයේ පදිංචි එම සැකකරුද අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් ග්රෑම් 02යි මිලිග්රෑම් 230ක් සන්තකයේ තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
The post සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.