ලංකාවේ පළමුවරට ධාන්ය බීජ වියලීමට Solar Tunnel Dryer තාක්ෂණය
ශ්රී ලංකාවට පළමුවරට හඳුන්වාදුන් බඩ ඉරිඟු ඇතුලු ධාන්ය බීජ වියලීම සඳහා සූර්ය බලශක්තියෙන් ක්රියාත්මක සෝලා ටනල් ඩ්රයර් ක්රමවේදය සාර්ථක වී තිබෙනවා.
බඩ ඉරිගු, වී, මුං ඇට, කව්පි, තල, කුරක්කන් හා උදු වැනි බීජ ආරක්ෂිතව වියලීම සදහා කෘෂි අංශ නවීකරණ ව්යාපෘතියේ නව බීජ වියලීමේ පද්ධතිය හදුන්වා දුන්නා.
මෙය මුළුමනින්ම හිරු එළියෙන් ක්රියාත්මකයි.
සෝලා ටනල් ඩ්රයර් ලෙස හදුන්වන පද්ධතිය වවුනියාව නෙළුක්කුලුමේ දී විවෘත කෙරුණේ අමාත්ය මහින්ද අමරවීර මහතාගේ ප්රදානත්වයෙන්.
සමස්ත පද්ධතියම හිරු එළියෙන් ජනනය වන විදුලියෙන් ක්රියාත්මක වීම විශේෂත්වක්.
ඊට අමතරව මුළු ගබඩාවම විදුරු ආවරණයකින් වැසී ඇති නිසා හිරු එළිය අඛණ්ඩව ලැබීම හේතුවෙන් රාත්රී කාලයේ දී බීජ වියලීම සදහා උෂ්ණත්වය කිසිදු වියදමකින් තොරව ලබා ගත හැකියි.
පළමුවරට මෙරටට හදුන්වාදුන් මෙම ව්යාපෘතිය සාර්ථක වී ඇති බව එහි අධ්යක්ෂ ආචාර්ය රෝහාන් විජේකෝන් මහතා පවසනවා.
The post ලංකාවේ පළමුවරට ධාන්ය බීජ වියලීමට Solar Tunnel Dryer තාක්ෂණය appeared first on ITN News.