පළමු ටෙස්ට් තරගයේ දී ශ්රී ලංකාවට විශිෂ්ට ජයක්
ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් ක්රිකට් තරගය ලකුණු 328කින් ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම අද (25) සමත් වුණා..
තරගය ජය ගැනීම සඳහා ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනයේ දී ලකුණු 182කට දැවී ගියේය.
ශ්රී ලංකාව පළමු ඉනිමට ලකුණු 280ක් ලබා ගත් අතර, ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශයට පළමු ඉනිමට රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 188ක් පමණයි.
අනතුරුව ශ්රී ලංකා කණ්ඩායම දෙවෙනි ඉනිම සඳහා ලකුණු 418ක් රැස් කරනු ලැබුවා.
The post පළමු ටෙස්ට් තරගයේ දී ශ්රී ලංකාවට විශිෂ්ට ජයක් appeared first on ITN News.