How can Sri Lankan charities find international donors and partners?

විභාග ක්රමයේ වෙනසක් ?

- itnnews.lk

රටේ දරුවන්ට හොඳ අධ්යාපනයක් ලබාදීමට නම් විෂය දැනුම ලබාදී විභාගවලට ඉදිරිපත් කිරීම මෙන්ම ඔවුන්ගේ පෝෂණය ද සුරක්ෂිත කළයුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පෙන්වා දෙනවා.

එසේම කෘත්රීම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණ දැනුම දරුවන්ට ලබාදිය යුතු බව පැවසූ ජනාධිපතිවරයා ඒ අනුව පාසල් අධ්යාපනයේ සහ විභාග ක්රමයේ වෙනසක් පිළිබඳ රජයේ අවධානය යොමුව ඇති බවද සඳහන් කළා

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නාරාහේන්පිට සුජාතා බාලිකා විද්යාලයේ අද (25) පෙරවරුවේ පැවැති “2024 වර්ෂයේ පාසල් ආහාර වැඩසටහනේ“ සමාරම්භක අවස්ථාවට එක් වෙමින්.

දිවයිනේ 1- 5 දක්වා ශ්රේණිවල සියලුම පාසල් සිසුන්ට පාසලේ දී ප්රධාන ආහාර වේලක් ලබා දීමට මේ අනුව අධ්යාපන අමාත්යාංශය පියවර ගෙන තිබේ. පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන දිනපතා සිසුන් අධ්යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

“නිරෝගී ක්රියාශීලී දරු පරපුරක්” යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්රියාත්මක පාසල් ආහාර වැඩසටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්ය පුරුදු වර්ධනය කිරීම, අධ්යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම යන මූලික අරමුණු ඉටු කරගැනීමට අපේක්ෂිතයි..

රජයේ පාසල් 9134ක ප්රාථමික ශ්රේණිවල සියලු සිසුන් හා 100ට අඩු සිසුන් සංඛ්යාවක් සිටින සියලුම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්රතිලාභීන වනවා.

මේ සඳහා රජය රුපියල් මිලියන 16,600ක අයවැය ප්රතිපාදන සෘජුවම පළාත් සභා නවය වෙත වෙන් කර ඇති අතර ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) ඇතුළු වෙනත් සංවිධාන විසින් ද අනුග්රාහකත්වය සපයනු ලබනවා.

මෙම පෝෂණ වැඩසටහනට අවශ්ය ආහාර වර්ග ප්රධාන දේශීය සැපයුම්කරුවන් විසින් සපයනු ලබන අතර එය සෘජු හා වක්ර නව රැකියා උත්පාදනය ඔස්සේ මෙරට නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට ද දායකවීමක්.

මෙම පාසල් ආහාර වැඩසටහනට අදාළ සියලු මූල්ය පාලනයන් විනිවිදභාවයක් හා වාර්තා සහිතව පවත්වාගෙන යෑමේ යාන්ත්රණයක් ද ක්රියාත්මක වනවා.

ප්රතිපත්ති සම්පාදනයේ සිට එහි සියලු ප්රධාන මෙහෙයවීම හා අධීක්ෂණ කටයුතු අඛණ්ඩව නිරීක්ෂණය කරමින් අවශ්ය මැදිහත්වීම් සිදු කරනු ලබන්නේ අධ්යාපන අමාත්යාංශය වන අතර අමාත්යාංශයේ සෞඛ්ය හා පෝෂණ ශාඛාවට ඊට අදාළ කාර්යන් පවරා තිබෙනවා.

මෙම අවස්ථාවට සහභාගිවීම වෙනුවෙන් විදුහල්පතිනි ප්රියංගිකා විජේසිංහ මහත්මිය විසින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙතද සිහිවටන තිළිණයක් පිළිගැන්වූවා.

උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා

අද පාසල් ආහාර වැඩසටහන ආරම්භ වනවා. මෙම අවස්ථාව රජයේ එක් අපේකෂාවක් ඉටුවන අවස්ථාවක් ලෙස මම දකිනවා. අධ්යාපනය සම්පූර්ණ විමට නම් සිසුන්ට විෂය දැනුම ලබාදී විභාගවලට ඉදිරිපත් කිරීම වගේම ඔවුන්ගේ පෝෂණය ද සුරක්ෂිත කළයුතුයි. ලෝකයේ රටවල් ගණනාවක් මෙම පාසල් ආහාර වැඩසටහන ක්රියාත්මක කරනවා.
මන්දපෝෂණය අපේ රටේ විශාල ප්රශ්නයක් බවට පත්ව තිබෙනවා. අප අස්වැසුම වැඩසටහන මගින් අඩු ආදායම්ලාභී ජනතාවට ලබාදෙන මුල්ය සහනය තුන් ගුණයකින් ඉහළ නංවා තිබෙනවා. පාසල් දරුවන් අතර මන්දපෝෂණය ඉහළයාමට ආදායම් මට්ටම පමණක් හේතු වී නැහැ. ඇතැම් සිසුන් පාසල් වෙත පැමිණීමට නිවසින් පිටත්වන්නේ උදෑසන 6.00ට පමණ. එවිට ඔවුන්ගේ උදෑසන ආහාර වේල මඟ හැරෙනවා. ඒ වගේම දිවා ආහාර වේලත් මඟ හැරි යනවා. ඒ නිසා කුමන තරාතිරමකට අයත් වුවත්, කුමන ජාතියකට, ආගමට අයත් වුවත් සියලු දරුවන් මේ ප්රශ්නයට මුහුණ දී සිටිනවා. ඒ නිසා සිසුන්ට පාසල තුළ ආහාර වේලක් ලබා ගැනිමට අවස්ථාව සලසා දීම ඉතා වැදගත් වෙනවා.

නවීන අධ්යාපන ක්රමයක් රට තුළ ඇති කිරීමට අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා. අප නිර්මාණය කළ යුතුතේ 2024ට පමණක් නොව 2030ට සුදුසු අධ්යාපන ක්රමයක්. එම වැඩකටයුතු දැන් අප කරගෙන යනවා. ගුරුවරු පුහුණු කිරිම, නවීන තාක්ෂණ දැනුම ලබාදීම වැනි වැඩසටහන් ක්රියාත්මක කර තිබෙනවා.

ඒ වගේම කෘත්රීම බුද්ධිය වැඩසටහන සෑම පාසලකම ක්රියාත්මක කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එහිදී පළමුව පාසල් වල AI සංගම් ආරම්භ කළ යුතුයි. ඒ වගේම ජාතික AI මධ්යස්ථානය නීතියෙන් ස්ථාපිත කිරීමට නියමිතව තිබෙනවා. මෙම පර්යේෂණ සහ අධ්යාපන කටයුතු වෙනුවෙන් රජය රුපියල් මිලියන දාහක් වෙන් කර තිබෙන බව කිවයුතුයි. ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ ප්රධාන පාසල්වලට පමණක් නොව උසස් පෙළ අධ්යාපනය තිබෙන සියලු පාසල්වලට කෘත්රීම බුද්ධිය වැඩසටහන හඳුන්වා දීමට අපේක්ෂා කරනවා.

අප නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතුයි. එම තාක්ෂණ දැනුම දරුවන්ට ලබාදිය යුතුයි. ඒ අනුව පාසල් අධ්යාපනය සහ විභාග ක්රමය වෙනස් කිරීම පිළිබඳවද අප අවධානය යොමු කර තිබෙනවා. මෙම නවීන තාක්ෂණ දැනුම සමග දරුවන්ගේ ඉංග්රීසි භාෂා දැනුමද වර්ධනය කළ යුතුව තිබෙනවා. ඒ සඳහා ද අප එවැඩසටහන් සැලසුම් කර තිබෙනවා.
අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා

දුෂ්කර පළාත්වල පාසල් සිසුන් සඳහා මෙම ආහාර වැඩසටහන මීට පෙර ක්රියාත්මක කරමින් තිබුණා. නමුත් මේ වසරේ සිට පළමු ශ්රේණියේ සිට පහ ශ්රේණිය දක්වා සිසුන්ට පෝෂණ ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීමට කටයුතු කරනවා. මේ සඳහා මුදල් අමාත්යවරයා ලෙස රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා රුපියල් මිලියන 16,600ක් වෙන්කර තිබෙනවා. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය ආහාර වැඩසටහන මගින් ආධාර ද ලැබෙනවා. ඒ අනුව ලක්ෂ 17ක් වන ප්රාථමික ශ්රේණියේ සිසුන් සියලු දෙනාටම උදෑසන පෝෂණ ආහාර වේලක් ලබාදීමට හැකිව තිබෙනවා. නියමිත ප්රමිතියට අදාළ පෝෂණීය ආහාර වේලක් ලබාදීමට අදාළ අංශ වෙතට මේ වන විටත් උපදෙස් ලබා දී තිබෙනවා. ඉගැන්වීමට පෙර සියලු දරු දැරියන්ගේ කුස පිරවීම තුළින් හොදින් අධ්යාපන කටයුතුවල නිරතවීමට අවස්ථාව ලැබෙන අතර දරුවන්ගේ මානසික තත්ත්වය වැඩි කිරීමටත් මෙමගින් හැකියාව තිබෙනවා.

 

පසුගිය මාසයේ පාසල් සිසුන්ට පෙළපොත් ලබා දුන්නා. ඒ වගේම නිල ඇඳුම් නියමිත වේලාවට ලබා දුන්නා. අද සිට පෝෂණීය ආහාර වේලක් ලබා දෙනවා. නමුත් මාධ්ය මඟින් මේ සඳහා ලැබෙන ප්රචාරණය ඉතාම අල්පයි. මන්දපෝෂණය පිළිබඳ පත්තරවල ලොකු අකුරෙන් පුවත් පළ කරන මාධ්ය ආයතන මේ පෝෂණය ආහාර වේල පිළිබඳවත් ජනතාව දැනුම්වත් කරාවි කියා මා විශ්වාස කරනවා.

අධ්යාපන අමාත්යංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය

අධ්යාපන ක්ෂේත්රයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සඳහා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළේ එක් දිගුවක් ලෙස දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම වෙනුවෙන් අද සිට ආහාර වැඩසටහන ක්රියාත්මක කරනවා. නව අධ්යාපන ප්රතිසංස්කරණ තුළින් අනාගතයට ගැළපෙන සිසු පිරිසක් නිර්මාණය කිරීමට අධ්යාපන අමාත්යාංශය ලෙස අප කටයුතු කරමින් සිටිනවා. නූතන ලෝකයට ගැලපෙන අධ්යාපන ක්රමවේදයක් සහිතව දැනුමෙන් සන්නද්ධ සමාජයක් බිහි කිරීම මෙහි අපේක්ෂාවයි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, රාජ්ය අමාත්යවරුන් වන විජිත බේරුගොඩ, අරවින්ද් කුමාර් යන මහත්වරු සහ අධ්යාපන අමාත්යාංශයේ නිලධාරින්, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා

 

The post විභාග ක්රමයේ වෙනසක් ? appeared first on ITN News.

You may also like

- island.lk

India rode on Renuka Singh’s 3 for 18 to beat Bangladesh by 45 runs in the opening game of the five-match T20I series in Sylhet, on a humid Sunday evening. India have won 15 of 18 T20Is against Bangladesh now. Barring the Bangladesh captain Nigar Sultana, none of the batters could put up a fight […]

- island.lk

By Norman Palihawadane and Hemantha Randunu Six persons have been arrested with stocks of narcotics with a total street value of over Rs. 350 million, during a series of raids conducted by the police with the help of the STF, in Biyagama and Maharagama recently. The narcotics had been sent by a criminal called Kamal […]

- island.lk

The Urban Development and Housing Ministry is planning to open a wax museum at the Ehelepola Walawwa, Kandy, depicting life in the Kandyan era. The Walawwa, believed to have been built between 1800-1810, sits on a 141-perch land. It had been under the Prisons Department until 2013, when it was taken over by the Urban […]

- island.lk

the Mini CARAT 2024 exercise, conducted by the navies of the US and Sri Lanka, ended successfully on Friday (26), the Navy said yesterday. The Mini Cooperation Afloat Readiness and Training (CARAT) bilateral exercise 2024 between the United States Pacific Fleet and the SL Navy commenced on April 22 and was held at the Marine Headquarters, […]

- island.lk

May Day rallies: by Chaminda Silva Colombo Municipal Council Commissioner Bhadrani Jayawardena said political parties, including the UNP, SLPP, SJB and JVP/NPP and many civil organisations, have reserved public grounds and places in the city for the upcoming May Day celebrations. She said that the Municipal authorities expect around 500,000 persons to arrive in Colombo […]

- island.lk

Hundreds of millions of people in South and Southeast Asia were suffering the weekend from a punishing heat wave that has forced schools to close, disrupted agriculture, and raised the risk of heat strokes and other health complications, agency reports said. An NBC dispatch said: The weather across the region in April is generally hot, […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc