චීනයට බ්රිතාන්යයෙන් චෝදනාවක්
මැතිවරණ සමයේ සිදු වූ සයිබර් ප්රහාර වලට චීනය වගකිව යුතු බවට බ්රිතාන්ය රජය චෝදනා කරනවා.
චීනය/ බ්රිතාන්යයේ මිලියන සංඛ්යාත ඡන්දදායකයින්ගේ පුද්ගලික තොරතුරු වෙත ප්රවේශ වී ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.
බ්රිතාන්ය මැතිවරණ කොමිසමේ දත්ත පද්ධතියට එල්ල වූ ප්රහාර 2021 අගෝස්තු මාසයේදී සිදු වූ අතර එය අනාවරණය වූණේ පසුගිය වසරේ දීයි.
චීනය විවේචනය කළ බ්රිතාන්ය මන්ත්රීවරුන් කිහිප දෙනෙකු ද සයිබර් ප්රහාරවලට ලක්ව ඇතැයි වාර්තා වනවා.
මේ පිළිබඳ බ්රිතාන්ය නියෝජ්ය අගමැති ඔලිවර් ඩව්ඩන් අද එරට පාර්ලිමේන්තුව හමුවේ කරුණු දැක්වීමට නියමිතයි.
The post චීනයට බ්රිතාන්යයෙන් චෝදනාවක් appeared first on ITN News.