ඉතිහාසයට දොස් පවරනු වෙනුවට භාරගත් වගකීම් උපරිමයෙන් ඉටු කිරීම මගේ අරමුණයි – අධ්යාපන ඇමති කියයි
මෙතෙක් සිදු කිරීමට නොහැකි වූ දේවල් ගැන ඉතිහාසයට දොස් පැවරීම වෙනුවට වර්තමානයෙහි එම වගකීම් භාරගත් විෂය භාර අමාත්යවරයා වශයෙන් හැකි උපරිමය රටේ දරුවන් වෙනුවෙන් ඉටුකරන බව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා.
අමාත්යවරයා මේ අදහස් පළ කළේ දීපව්යාප්තව පාසල්වල 1-5 ශ්රේණි සිසුන් සඳහා පාසල් ආහාර වැඩසටහන ජාතික මට්ටමෙන් ක්රියාවට නැංවීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.
නාරාහේන්පිට සුජාතා බාලිකා විද්යාලයේ දී අද පෙරවරුවේ පැවැති මෙම සමාරම්භක උත්සවයේ දී අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මේ සඳහා මුදල් අමාත්යවරයා වශයෙන් අතිගරු ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමා රුපියල් බිලියන 16.6 ක් මහා භාණ්ඩාගාරයෙන් මේ වර්ෂය වෙනුවෙන් ලබා දී ඇති බවයි.
නිරෝගී ක්රියාශීලී දරු පරපුරක් යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්රියාත්මක පාසල් ආහාර වැඩසටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්ය පුරුදු වර්ධනය කිරීම, අධ්යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම යන මූලික අරමුණු ඉටු වන අයුරින් මෙම වැඩසටහන ක්රියාවට නැංවීමට අදාල සියලූ උපදෙස් මේ වන විට සියලු පාසල් වෙත ලබා දී ඇති බව ද මෙහි දී වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්යවරයා ප්රකාශ කළා.
පාසල් අධ්යාපන ක්ෂේත්රය තුළ ඉදිරියේදී සිදු කිරීමට අපේක්ෂා කරන පරිවර්තනීය වෙනස්කම් සඳහා දරුවන් සූදානම් කරවීමට මෙමගින් සැබෑ පිටුබලයක් සැලසෙනු ඇති බවද වැඩිදුරටත් පෙන්වා දුන් අමාත්යවරයා පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන සිසුන් අධ්යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන ලෙස සියලු පාසල් වෙත උපදෙස් ලබා දී ඇති බව ද ප්රකාශ කළා.
රජයේ පාසල් 9134ක ප්රාථමික ශ්රේණිවල සියලු සිසුන් හා 100ට අඩු සිසුන් සංඛ්යාවක් සිටින සියලු ම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්රතිලාභීන් වන අතර මේ සඳහා රජය විසින් අදාළ ප්රතිපාදන සෘජු ව ම සියලු පළාත් වෙත වෙන් කර ඇති අතර අමතර වශයෙන් ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) ඇතුළු වෙනත් සංවිධාන විසින් ද මීට අනුග්රාහකත්වය සපයනු ලබනවා.
අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත මැතිතුමාගේ සෘජු මැදිහත් වීමෙන් මේ වන විට එක් ශිෂ්ය ආහාර වේලක් වෙනුවෙන් රජය සපයන රු. 85/-ක මුදල, පවත්නා වෙළෙඳපොළ මිල ගණන් ඉහළ යෑමට සාපේක්ෂ ව රු. 110/-දක්වා වැඩි කර තිබෙනවා.
මෙම පෝෂණ වැඩසටහනට අවශ්ය ආහාර වර්ග ප්රධාන දේශීය සැපයුම්කරුවන් විසින් සපයනු ලබන බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් නාරාහේන්පිට සුජාතා බාලිකා විද්යාලයේ දී පැවති මෙම පාසල් ආහාර වැඩසටහන ජාතික සමාරම්භක උත්සවයට සමගාමී ව පළාත් මට්ටමින් ද සමාරම්භක වැඩසටහන් දිවයින පුරා පවත්වනු ලැබුවා .
The post ඉතිහාසයට දොස් පවරනු වෙනුවට භාරගත් වගකීම් උපරිමයෙන් ඉටු කිරීම මගේ අරමුණයි – අධ්යාපන ඇමති කියයි appeared first on ITN News.