මෛත්රී CIDයෙන් පිටව යයි
ප්රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබෙනවා.
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයට අදාළව කළ ප්රකාශය සම්බන්ධයෙන් පැය පහහමාරකට ආසන්න කාලයක් ප්රකාශයක් ලබා දී තිබෙනවා.
ඒ අද( 25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමින්.
පාස්කු ඉරුදින බෝම්බ ප්රහාරය සිදුකළේ කවුදැයි තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහනුවරදී පසුගිය 22 වනදා ආන්දෝලනාත්මක ප්රකාශයක් සිදුකළා.
The post මෛත්රී CIDයෙන් පිටව යයි appeared first on ITN News.