ශ්රී ලංකා පාපන්දු කණ්ඩායමට ඓතිහාසික ජයක්
ශ්රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ (25) ඓතිහාසික ජයක් ලැබීමට සමත් වුණා.
ඒ ජගත් ශ්රේණිගතකිරීම් වල 204 වන ස්ථානයේ පසුවන ශ්රී ලංකාව එම වර්ගීකරණයේ 184 වන ස්ථානයේ පසුවන භූතානය ගෝල 2-0ක් ලෙස පරාජය කිරීමත් සමඟයි.
ශ්රී ලංකාව වෙනුවෙන් ඩිලොන් ද සිල්වා සහ ඔලිවර් ජේම්ස් කෙලාට් ගෝල වාර්තා කිරීමට සමත් වුණා.
භූතානය අවසන්වරට වසර 2015දී ශ්රී ලංකාව සමඟ කොළඹ සුගතදාස ක්රීඩාංගණයේදී හමුවී ගෝල් 1-0කින් ශ්රී ලංකාව පරාජයට පත්වූ අතර, 2013දී ශ්රී ලංකාව විසින් ගෝල් 5-2කින් භූතානය පරාජයට පත් කරන ලදී.
එබැවින් වසර 11කට පසු භූතාන පිල ඊයේ ශ්රී ලංකාව හමුවේ පසුබෑමකට ලක්වීම විශේෂත්වයකි.
මෙම තරගය නැරඹීමට ප්රේක්ෂකයන් 6,000කට අදික පිරිසක් කොළඹ තුරඟ තරග ක්රීඩාංගණයට පැමිණ සිටියාය.
The post ශ්රී ලංකා පාපන්දු කණ්ඩායමට ඓතිහාසික ජයක් appeared first on ITN News.